නාගයින්ට වඳින පුදන ඉන්දියානුවෝ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

නාගයින්ට වඳින පුදන ඉන්දියානුවෝ

නාගයින්ට වඳින පුදන ඉන්දියානුවෝ

ඉන්දියාවේ පැවැත්වෙන නාග පංචමී උත්සවය අගෝස්තු හෝ ජූලි මාසයේදී උත්සවශ්‍රීයෙන් පවත්වනු ලබයි. මෙම උත්සවයේදී ජනයා සර්පයන් මූලික කරගත් දෙවිවරුන්ට නමස්කාර කරමින් පුද පූජා පවත්වනු ලබයි.



එයින් තම පවුලේ සාමාජිකයන්ට දෙවියන්ගේ ආශීර්වාදය හිමිවන බවට විශ්වාස කරයි. උතුරු ඉන්දියාවේ බෙංගාලය, මහා රාෂ්ට්‍රය සහ දකුණු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රසිද්ධියට පත් මෙම උත්සවය සඳහා විෂ ඝෝර නාගයන් සහභාගි කරගනු දැකිය හැකිය.



ඉන්දියාවේ ඈත අතීතයේ පටන් සර්පයන් වන්දනාමාන කිරීමේ සම්ප්‍රදාය පැවැතුණි. බ්‍රහ්ම දෙවියන් සමඟ නාගයන් ඍජුවම සම්බන්ධ වන බවට ඔවුන් තුළ පවතින ප්‍රබල විශ්වාසය එයට හේතුවයි.



නාග පංචමී උත්සවය පැවැත්වෙන දිනයේ ඊට සහභාගි වන බොහෝ බැතිමතුන් නාගයන්ගේ රුව රැගත් පිළිමවලට කිරි, පලතුරු සහ මල් යනාදියෙන් පුද පූජා පවත්වනු දැකිය හැකිය. එයින් ඔවුන්ගේ ජීවිතයට දෙවියන්ගේ ආශීර්වාදය හිමිවන බව ඉන්දියානු වැසියන් විශ්වාස කිරීමට පෙලඹී තිබේ.

views

395 Views

Comments

arrow-up