මත්ද්‍රව්‍ය උගුලක පැටලුණු බොලිවුඩ් නිළිය

බොලිවුඩ් චිත්‍රපට වන 'සඩක් 2' සහ 'බට්ලා හවුස්'හි සුළු චරිත නිරූපණය කර ඇති 27 හැවිරිදි ක්‍රිසෑන් පෙරෙයිරාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී ඇත.
ඇය ජාත්‍යන්තර වේදිකාවක ප්‍රදර්ශනය කෙරෙන වෙබ් කතා මාලාවක සිත්ගන්නාසුළු චරිතයක් සඳහා තිර පරීක්ෂණයකට මුහුණ දීමට අප්‍රේල් පළමුදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා වෙත ගියාය.
නමුත් ඇය රැගෙන ගිය සමරු තිළිණයක් මත්ද්‍රව්‍යවලින් පිරී තිබීම නිසා ඇයව අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී.
සති තුනකට පසු, ක්‍රිසෑන් මෙම වරදට පැටලවීමේ චෝදනා මත මුම්බායි පොලිසිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය නිදහස් කරන ලදී.
ක්‍රිසෑන් අත්අඩංගුවට ගැනීමෙන් සතියකට පසු, ඇගේ සොහොයුරා වන කෙවින්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ උදව් ඉල්ලීමට තීරණය කළේ ය. අවසානයේ දී එමඟින් ඔහුට වෙනත් යමක් සොයා ගැනීමට හැකි විය.
ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් සටහනට පුද්ගලයින් හතර දෙනෙකු ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ තමන් ද එවැනි ම ආකාරයේ ගැටලුවකට මුහුණ දුන් බව ය. ක්‍රිසෑන්ට සමරු තිළිණය දුන් අදාළ නම ඇති පුද්ගලයා ම මැද පෙරදිගට ගෙන යාම සඳහා ඔවුන්ට සැක කටයුතු භාණ්ඩ ලබා දුන් බව ඔවුන් සියල්ලන් ම සඳහන් කර තිබුණි.
350 Views
Comments