ජාත්‍යන්තර යෝග දිනය

එක්සත් ජාතීන් විසින් නම් කර ලැබ තිබෙන ජාත්‍යන්තර යෝග දිනය ජූනි මස 21 වැනිදාට යෙදී තිබේ.
ඊට සමගමීව ජාත්‍යන්තර යෝගා සහ භාවනා වැඩසටහන් මාලාව ජූනි මස 20 වැනිදා සිට ජූනි මස 27 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ප්‍රකට ආධ්‍යාත්මික නායකයකු මෙන්ම සමාජ සේවාවල නිරත බෞද්ධ හිමි නමක් වන භික්ඛු සංඝසේනා හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මහාබෝධි ජාත්‍යන්තර භාවන මධ්‍යස්ථානය මෙම වැඩසටහන් මාලාව සංවිධානය කර තිබේ.
ලඩාක් පරිපාලනය හා එක්වෙමින්, මහාබෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරයි. ඉන්දියාවේ පමණක් නොව වෙනත් රටවල සිටින යෝගා සහ භාවනාවට උනන්දුවක් දක්වන පිරිස් මීට සහභාගී වීමට නියමිත ය.
342 Views
Comments