නොදන්න දේකුත් නැති බැරි දේකුත් නැති කුමාරලාගෙන් පරෙස්සම් වෙන්න

කුමාර කියන්නේ මම කලින් වැඩ කරපු ආයතනයක පරණම සාමාජිකයෙක්.එයා එක්ක ගනුදෙනු කරන එක හැමෝටම සෑහෙන්න දුෂ්කර ව්‍යායාමක් වුණේ එයාගේ හැසිරීම් රටාව නිසාමයි.
පුම්බාගත් ස්වයං ප්‍රතිරූපයක් වගේම අදහාගන්න බැරි තරමේ ආත්මාර්ථකාමී බවත්, නිරන්තරයෙන් අසීමිත විදිහට අන් අයගේ අවධානය බලාපොරොත්තු වීමත් නිසා කාගෙවත් හිත්වල කුමාර ගැන හොඳ හැඟීමක් තිබුණේ නැහැ.
එයා එක්ක කෙටි පිලිසඳරක යෙදුණු කෙනෙක් වුණත් ආපිට ආවේ මූණ බෙරි කරගෙන. ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව කුමාර එක්ක වැඩ කරන විදිහක් ගැන කාටවත් අදහසක් තිබුණේ නැහැ.
ඉතින් මේ සටහන කුමාරලා වගේ අය එක්ක ගනුදෙනු කිරීම හිසරදයක් කරගත්ත ඔබ වෙනුවෙන්මයි.
නොදන්න දේකුත් නැති, බැරි දේකුත් නැති හැමදේම දන්න, ඕනෑවටත් වඩා පර්ෆෙක්ට් මිනිස්සු ඔයාල දැකල ඇති. අපේ මනෝවිද්‍යා පාඩම පටන් ගන්නෙ මෙන්න මේ වගෙ අයත් එක්ක.
ඇත්තටම මෙහෙම අය ඉන්නවාද?
උත්තරේ ඔව්.
ඔයාටත් මේ වගේ අය ඔෆිස් එකේ, මගතොටදි විතරක් නෙමෙයි ඔයාගේ පවුල ඇතුළෙත් දකින්න පුළුවන්. සමහරවිට ඔයාගේ පෙම්වතා, පෙම්වතිය වුණත් මේ කාණ්ඩයට අයත් වෙන්න පුළුවන්.
හැබැයි මේක Positive thinking එක්ක නම් පටලගන්න එපා.
සරල උදාහරණයක් ගත්තොත් කෙනෙක් එයාට දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ තමයි, ධනාත්මක චින්තනය. නමුත්, කෙනෙක් හිතනවා නම් ඒ දේ කරන්න පුළුවන් එයාට විතරයි කියලා, අන්න ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි.
පුරුද්දක් විදිහට මෙහෙම හැසිරෙන කෙනෙක්ව සමීපතමයෙක් විදිහට ආශ්‍රය කරන්න සිද්ධ වෙන එක ඒ් තරම් රසවත් දෙයක් නෙමෙයි.
ඒ නිසාම මේ වගේ අය එක්ක ගනුදෙනු කරන විදිහ ගැන දැනුවත් වෙන එක වැදගත් දෙයක්. ඒකට හේතුව මෙවැනි අයත් එක්ක දීර්ඝ කාලයක් ගනුදෙනු කිරීම ඔබේ මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය නම් එතරම් ගුණදායක නොවීම.
මනෝවිද්‍යාවේදි Narcissism කියලා හඳුන්වන පෞරුෂ ලක්ෂණ තියන මේ මානසික තත්වය තියෙන අය කවුද, එයාලා හඳුනාගන්නෙ කොහොමද සහ එයාලා එක්ක ගණුදෙනු කරන්නෙ කොහොමද කියන කාරණය මම ඉදිරි ලිපියෙන් ඔයාල වෙත අරගෙන එන්නම්.
සුබ දවසක්.....
මම ධනෝද්‍යා කාරියප්පෙරුම
483 Views
Comments