ජෙෆ්රි බාවා ප්‍රදර්ශනයක් ඉන්දියාවේදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

ජෙෆ්රි බාවා ප්‍රදර්ශනයක් ඉන්දියාවේදී

ජෙෆ්රි බාවා ප්‍රදර්ශනයක් ඉන්දියාවේදී

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා විසින් සිකුරාදා (17) දින නවදිල්ලි නුවර ජාතික නූතන කලා ගැලරියේදී "Geoffrey Bawa: It is Essential To be There” යන ශ්‍රී ලංකා ප්‍රදර්ශනය විවෘත කරන ලදී. ඉන්දියාවේ විදේශ කටයුතු සහ සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය ශ්‍රී මීනක්ෂි ලේඛී මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

 

 

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පී දිවංගත ජෙෆ්රි බාවාගේ නිර්මාණ ඇතුළත් මෙම ඓතිහාසික ප්‍රදර්ශනය මේ වසරේ සැමරීමට නියමිත ඉන්දු-ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 75 වැනි සංවත්සරය නිමිත්තෙන් නවදිල්ලියේ ජාතික නවීන කලා ගැලරිය, නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ ජෙෆ්රි බාවා භාරය එක්ව සංවිධානය කරනු ලබන්නකි. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයින්, ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විද්වතුන්, මාධ්‍යවේදීන්, කලා ලෝලීන් සහ වෘත්තිකයන් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් සහභාගි වූ බව මාධ්‍ය වාර්තා කරයි. 

views

364 Views

Comments

arrow-up