පුරුෂ ආධිපත්‍යයට එරෙහිව සටන් වදින ආර්යානා සහීද්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

පුරුෂ ආධිපත්‍යයට එරෙහිව සටන් වදින ආර්යානා සහීද්

පුරුෂ ආධිපත්‍යයට එරෙහිව සටන් වදින ආර්යානා සහීද්

ඇෆ්ගනිස්තානයේ මුස්ලිම් අන්තවාදීන්ගේ පළමු ඉලක්කය බවට පත්වී තිබෙන්නේ ඇෆ්ගනිස්ථානයේ සොඳුරු රුවැත්තියක්. ඇය නමින් ආර්යානා සහිද්. ඒ ඇය ඇෆ්ගනිස්තානයේ පුරුෂයන්ගේ ආධිපත්‍යයට එරෙහිව සටන් වදින නිසයි. ඇෆ්ගනිස්ථානය කියන්නේ පුරුෂයන්ගේ ආධිපත්‍යයේ රාජධානියක් ඇය සඳහන් කරනවා. විශේෂයෙන්ම කාන්තාවන් කුමන දෙයක් කළත් එය ඇෆ්ගනිස්ථානයේදී ගැටලුවක්. මේ නිසා ආර්යානා සහිද් මනුෂ්‍යත්වයේ අභිමානයත් මානව නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා.


1985 ජූලි 14 වෙනිදා ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දී උපත ලබන ආර්යානා සහිද්ගේ මව තජික් වන අතර පියා පාශ්තුන් ජාතිකයෙක්. ඔවුන් ඇයට වයස 18දී පකිස්ථානයට පලා යන අතර ඔවුන් එතැනින් ස්විස්ටර්ලන්තයට පිටමං වන නිසා ආර්යානාට ඇෆ්ගනිස්ථානයේ අනෙක් දැරියන්ට නොලැබෙන අවස්ථාවක් ලැබෙනවා. ඇය වයස අවුරුදු 12 සිට උසස් සංගීත පාසලකට ඇතුලත්ව සංගීතය හැදෑරීමට අවස්ථාව හිමි කර ගන්නවා. 2010දී නැවත ඇෆ්ගනිස්ථානයට පැමිණි පසු ආර්යානා ජනතාවගේ කතාබහට ලක්වන ශිල්පිනියක් බවට පත්වන්නේ afghan peasark නිර්මාණයෙන්. ඇෆ්ගනිස්තානයේ නිදහස් දිනය වෙනුවෙන් පැවැති සංගීත සංදර්ශනයට බාධා ඇති වූයේ තලෙයිබාන් ත්‍රස්තවාදීන් ඇය ඝාතනයට සැළසුම් කර ඇති බැවින් එය අවලංගු කරන ලෙස දැනුම් දීමෙන්. නමුත් එය ප්‍රතික්ෂේප කළ ඇය මරණය පෙනි පෙනීම දහස් ගණනකගේ ප්‍රීතිඝෝෂා මැද ගී ගැයුවා.

 

ඇෆ්ගනිස්ථානය තුළ බිහිවූ හොඳම සිනමාත්මක ගීතයට හිමි සම්මානය දිනා ගන්නා ආර්යානා සහිද්ගේ විශේෂත්වය වන්නේ ඇගේ නිර්මාණ සඳහා අනෙකුත් ශිල්පීනුත් එක්කර ගැනීමයි. ජාතිකත්වයට මුල්තැන දෙමින් කාන්තාවකගේ වේදනාව පිළිබඳ ගැයූ ගීතයකින් ඇය ඇෆ්ගන් පුරුෂ සමාජයම කැලඹුවා. 2017දී ඇෆ්ගනිස්තානයේ හොඳම කලාකාරිනිය වන ඇය ITV පෞද්ගලික චැනලයේ Her show වැඩසටහනකට එක්ව සිටිනවා. පොප්, හිපොප් සංගීතයට පාරම්පරික ඇෆ්ගනිස්ථාන සංගීතයද මුසුකර විවිධ පර්යේෂණාත්මක නිර්මාණ සිදු කරමින් සිටින ආර්යානා සහිද් විශ්වාස කරන්නේ මිනිස් සන්තානයේ නපුර දුරු කර මනුෂ්‍යත්වය පිළිබඳ පාඩම් කියාදීමට කලාව හොඳ ආයුධයක් බවයි. ඇය සෑමවිටම ඇෆ්ගනිස්තාන කාන්තාවකට සාමාන්‍ය මනුෂ්‍යයකුගේ ජීවිතය උරුම කර දීමට ඔවුන් වෙනුවෙන් අඛණ්ඩ සටනේ නියැලෙන දිරිය කාන්තාවක්. ඒ නිසාම ඇය නිර්භයත්වයේ ත්‍යාගයද හිමි කරගෙන තියෙනවා.

 

 

 

 

 

 

by Dilki Shamani

views

718 Views

Comments

arrow-up