කටුකත්වයෙන් සුන්දරත්වය කරා ගිය Awele Ideal

වර්තමාන සමාජය තුළ මිනිසුන් මෙන්ම නොමිනිසුන්ද ජීවත් වන බව පසක් කරමින් නයිජීරියානු පුංචි දැරියකට අන්ත අසරණ තත්ත්වයක් නිර්මාණය කරන්නට නැතහොත් වහල් ජීවිතයක් ගත කරන්නට ඉඩ ප්රස්තාව ලබා දුන් කුඩම්මාවරුන් ද ජීවත් වෙති. දැනට නයිජීරියානු ජාතික නීතිවේදිනියක් වන Awele Ideal නැමැති සුරූපී කාන්තාව ද එවැනි අන්ත අසරණ තත්වයකට පත්ව තමාගේ කුඩා කල ගෙවූ බව ඈ විසින් පසුගියදා අන්තර්ජාලයට පවසා තිබුණි.
ඇගේ මව විසින් ඒ හැර දමා යනු ලැබුවේ ඇයට මාස හයක් හතක් පමණ වන විට වන අතර පසුව ඇගේ පියා සහ කුඩම්මා සමග ජීවත් වන්නට ඇයට සිදුවිය. නමුත් කුඩම්මාගෙන් ඇය බලාපොරොත්තු වූ ආකාරයේ ආදරයක් රැකවරණයක් නම් ඇයට නොලැබිණි. ඒ වෙනුවට ඇයට ලැබුණේ දින ගණන් කුසගින්නේ සිටින්නට ය. නිවසේ සියලු වැඩ කටයුතු මෙම පුංචි දියණිය ලවා කරගන්නට තරම් ඇය කෲර සිත් ඇත්තියක වූවාය. ඊට අමතරව බොහෝ දිනවලදී කුඩම්මා විසින් ඇගේ දෙනෙත්, ගෙල සහ අනෙකුත් ශරීර කොටස් වල ගම්මිරිස් කුඩු ගල්වා ඇගේ දෑත් සහ දෙපා බැඳ දමා දින ගණනක් වැසිකිළියේ සිරකර තබන්නට වූවාය.
නමුත් කාලයත් සමග කුඩම්මා ඇගේ ජීවිතයෙන් සමුගත් අතර මෙම දියණිය විසින් කිසිදා ඇයට වෛර නො කළාය. ඇයට හිමිව තිබූ සරණ ජීවිතයෙන් මිදීමට පවත්නා එකම මග අධ්‍යාපනය බව තේරුම්ගත් Awele බොහෝ දුක් කරදර බාධක මධ්‍යයේ නීතිවේදිනියක් දක්වා අද වන විට පැමිණ සිටි. කුඩා අවදියේ දී තමා මෙන්ම අසරණ දරුවන්ට නීතිය ඉටු කරලීම උදෙසා කැපවී කටයුතු කරන මෙම දිරිය කාන්තාව කෙතරම් අගය කළ යුතු වේ ද. ඇය විසින් මුළුමහත් සමාජයටම පෙන්නුම් කරන ලද්දේ කෙතරම් තමාට වධහිංසා, අපහාස සිදුකළද එම සියලු දෙනා වෙනුවෙන් ආදරය මෛත්‍රිය කරුණාව බෙදා දෙන ලෙසටයි. ඇත්තෙන්ම ඇය විශාල අපායකින් මිදී සුන්දර නවාතැනකට පැමිණ තිබේ. අප රටේ දියණියක් නොවුවද ඇත්තෙන්ම ඇය අප රටේ සියලුම කාන්තාවන්ට වඩාත් ආදර්ශමත් චරිතයකි. කුඩා දේට පවා තම ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිතන දරුවන් තරුණියන් සිටින සමාජයක මෙවැනි දිරිය දියණියන් ආලෝකයකි. ඇත්තෙන්ම ඇය මුළුමහත් නයිජීරියාවට ම ආදර්ශයක් වූ සුවඳවත් කලු රෝස මලකි.
වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් ඒ වෙනුවට ආදරය කරුණාව සෙනෙහස වැනි මනෝභාවයන් බෙදා දිය යුතු බවත් ඇගේ ස්ථිර අදිටන වූවාය. ජීවිතය දෙස මධ්‍යස්ථව බැලීම තුළින් ඕනෑම ගැටළුවක් විසඳා ගෙන සාර්ථකත්වය උදෙසා ගමන් කිරීමට හැකිවන බව ඇය විසින් මුළු මහත් ලෝකයටම පෙන්වා දීමට සමත් වූවාය.
400 Views
Comments