ලෝකය පුරා නව වසර පිළිගන්න වෙනස් ක්‍රම

අලුත් වසරක උදාවේදී එය පිළිගන්න ලෝකය පුරා රටවල් විවිධ චාරිත්‍ර වාරිත්‍ර භාවිතා කරනවා. ලංකාවේ අපි නම් රෑ දොළහට අවුරුදු උදාවත් සමග නිවසේ කිරි මුට්ටියක් උතුරනවා. කොහොම වුනත් ලෝකයේ රටවල් කිහිපයක්ම නව වසර උදාවේදී ඉතා වෙනස් චාරිත්‍ර අනුගමනය කරනවා . ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර නම් විකාරයක් වගේ තමයි පෙනෙන්නේ.
හොම්බට ඇන අවුරුදු සමරන පේරු රාජ්‍ය
මේක නම් අමුතුම සෙල්ලමක්. අවුරුද්දක් පටන් ගන්නකොටම අසල්වැසියන් එක්ක ගුටි ඇනගන්නවා කියන්නේ අපිට නම් පොලිසි යන්න වෙන වැඩක් උනාට ටකනකුයි නම් මේ විශේෂ චාරිත්‍රය ගුටි ඇනගැනීමේ චාරිත්‍රය පේරූ වල නම් පැවැත්වෙන්නේ පොලිස් අධීක්ෂණයක් යටතේයි. පේරුවරුන්ට අනුව මෙහි අභිප්‍රාය වෙන්නේ නව වසර උදාවීමට පෙර එකිනෙකා කෙරෙහි ඇති සියලු තරහා මරහා අවසන් කරගැනීමයි. හැබැයි ඒ පේරු වල.
නාවලාම පටන් ගන්න සයිබීරියාව
සයිබීරියානු වැසියන් නව අවුරුදු උදාව සමරන්නේ ටිකක් අමාරු චාරිත්‍රයකින්. ඒ අයිස් මිදී තිබෙන විටෙක විලක අයිස් වලට යටින් යොල්කා හෙවත් සයිබීරියානු නව අවුරුදු ගස නමින් හදුන්වනු ලබන ගසක් සිදුවීමෙන්. ඊට අමතරව අයිස් මිදුන විලකට පැන නෑමත් ඔවුන් සිදුකරන්නේ නව පිබිදීමක් සංකේතවත් කරමින්.
අවුරුද්දට ලූනු පොඩි කරන ග්‍රීකයෝ
ග්‍රීක වැසියන්ද නව අවුරුදු රාත්‍රියේදී තම නිවෙස් වල දොරෙහි මුහුදු ලූණු නමින් හඳුන්වන විෂ සහිත ලූණු විශේෂයක් එල්ලා තබන්නේ නැවත ඉපදීමක් හෙවත් පිබිදීමක් බලාපොරොත්තුවෙන්. එම විෂ සහිත ලූණු නිසා අයහපත නිවස තුලට ඒම වළක්වා නිවැසියන්ට ආශිර්වාදය ලැබෙන බව ඔවුන් විශ්වාස කරනවා. නව අවුරුද්දේ පළමු උදෑසන නිවසේ සිටන දරුවන්ව මවුපියන් නින්දෙන් අවදි කරන්නේ දොරේ එල්ලා තියෙන ලූණු ගෙඩියක් හිස මත පොඩි කිරීමෙන් පසුවයි.
පිඟන් බිඳින ඩෙන්මාර්කය
අපි වගේ නව වසර උදා වෙනකොට නිදාගෙන හිටියොත් නම් ඩෙන්මාර්කයේ වැසියන්ට සිදුවන්නේ රෑට උඩ ගිහින් ඇහැරෙන්න. ඒ මොකද කිව්වොත් දොරකඩ පිඟන් බිඳින සද්දෙට. ඩෙන්මාර්ක් වැසියන් විසින් හැම අවුරුද්දකම පිඟන් කිහිපයක් භාවිතා නොකර අරන් ලබන අතර එම අරන් තැබූ පිඟන් කිහිපය නව අවුරුදු උදාවේදී සිය අසල්වැසියා හෝ නෑ හිතමිතුරු ගේ නිවසේ දොර කඩ බිම ගසා බිඳ දමන්නේ ඔවුන් කෙරෙහි ඇති ළෙන්ගතු බව පෙන්වීමටත් ඔවුන්ගේ නව වසරෙ සෞභාග්‍ය පාර්තනා කිරීමත් අරමුණු කරගෙනලු.
ලතින් ඇමරිකාවේ අමුතුම ආලෝකයක්
මේකනම් ටිකක් හිනා යන විකාර වැඩක් වගේ පෙනුනත් මේ චාරිත්‍රය ඔවුන් සිදුකරන්නේ විහිළුවට නම් නෙමෙයි. විශේෂයෙන්ම මෙක්සිකෝව බොලීවියාව හා බ්‍රසීලය කියන රටවල පිළිපදින මෙම චාරිත්‍රය අතීතයේ ඉඳලම පැවත එන එකක්. ඔවුන්ගේ විශ්වාසය අනුව නව වසරේ වාසනාව ළඟා වෙන්නේ නව වසර උදාවන විට ඇඳ සිටින යට ඇඳුමේ වර්ණය අනුවයි. උදාහරණයක් විදිහට නව වසරේ ආදරය බලාපොරොත්තු වන අය රතු පැහැයට ඇදුමක් අදින අතර මිල මුදල් අපේක්ෂා කරන අය කහ පැහැයට හුරු ඇඳුමක් අඳිනවා. සාමය සමාදානය බලාපොරොත්තු වන පුද්ගලයන් සුදුපැහැ යට ඇඳුම් අඳින අතර යහපත් සෞඛ්‍ය බලාපොරොත්තු වන අය නිල්පැහැ යට ඇදුම් අදිනවා .
අපිට නම් මේ චාරිත්‍ර වාරිත්‍ර ටිකක් විකාරයක් වගෙයි නේද? ඒ වුණත් ඇත්තටම මේ රටවල් මේ වගේ චාරිත්‍ර වාරිත්‍ර නව අවුරුදු උදාවකදී සිදුකරනවා. මේ පිළිබඳ වැඩි තොරතුරු ඔබත් සොයලා බලන්න.
by Dilki Shamani
805 Views
Comments