බූවල්ලොත් හීන දකිනවාද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

බූවල්ලොත් හීන දකිනවාද?

බූවල්ලොත් හීන දකිනවාද?

නිව් යෝර්ක් හි රොක්ෆෙලර් සරසවියේ විද්‍යාගාරයක් තුළ ඇති කළ බූවල්ලෙක් නපුරු සිහිනයකින් අවදි වූයේ යැයි සිතිය හැකි හැසිරීම් රටාවක් ප්‍රකට කළ බව එහි කටයුතු කරන පර්යේශකයන් අධ්‍යයන පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් සඳහන් කරයි. කොස්ටෙලෝ ලෙස නම් කර ඇති මේ බූවල්ලා සහිත ටැංකිය පැය 24 පුරා ම පටිගත කෙරෙමින් පැවතුණි.



මෙහි දී පර්යේෂකයන්ට පෙනී ගොස් තිබුණේ අවස්ථා හතරක දී ම කොස්ටෙලෝ නින්දෙන් ඉතා ව්‍යාකූල අන්දමින් අවදි වී කලබලකාරී ලෙස හැසිරෙන්නට වූ බවයි.



සිරුරේ වර්ණය වෙනස් කරමින් සහ ග්‍රාහිකා ප්‍රචණ්ඩකාරී ලෙස හසුරුවමින් නිදා සිටි තැනින් විතැන් වූ ඔහු අවස්ථා දෙකක දී ම සිය ආත්මාරක්ෂණ මෙවලම වූ කළු පැහැති තීන්තය මුදා හරින්නට ද කටයුතු කළේය.



එය තාවකාලික හැසිරීම් රටාවක් වූ අතර සුළු මොහොතකින් කොස්ටෙලෝ යළි යථා තත්ත්වයට පත් ව තිබුණි. පර්යේෂකයන් සඳහන් කරන්නේ මෙය නින්දේ දී දුටු නපුරු සිහිනයකට ඔහු දැක්වූ ප්‍රතිචාරයක් විය හැකි බවයි.
 

views

339 Views

Comments

arrow-up