පොළව හාරගෙන යන මෙහෙයුමක්

චීනය තම රටේ ගැඹුරුතම සිදුර හෑරීමේ මෙහෙයුම ආරම්භ කර ඇත. එහි අරමුණ වන්නේ පෘථිවියේ අභ්‍යන්තරය අධ්‍යයනය කිරීමයි.
ශින්හුවා පුවත් ඒජන්සිය වාර්තා කර ඇති පරිදි මෙම ළිඳ හෑරීම සඳහා තෝරාගෙන තිබෙන්නේ චීනයේ ශියැන්ජියෑංග් පළාතේ Tarim ද්‍රෝණිය පදනම් කරගෙන පිහිටන කාන්තාර භූමියයි.
දැනට සැලසුම් කර ඇති පරිදි මේ ළිඳෙහි ගැඹුර මීටර් 11,100 ක් වනු ඇත. ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා දින 457 ක් වැය වනු ඇතැයි දැනට ඇස්තමේන්තුගත කර ඇත.
මේ අතිශය ගැඹුරු ළිඳ මඟින් පෘථිවියේ අභ්‍යන්තර සැකැස්ම හා එහි පරිමාණය පිළිබඳ අධ්‍යයනය සඳහා ඇති අවස්ථා පුළුල් කරනු ඇතැයි චීන විද්‍යඥයින් බලාපොරොත්තු වේ. ළිඳ හෑරීමේ ව්‍යාපෘතිය මෙහෙයවෙන්නේ චීනයේ ජාතික ඛණිජ තෙල් සංස්ථාව (China National Petroleum Corporation) මඟිනි.
376 Views
Comments