මුහුදේ ගිලී සැඟවුණු නටඹුන් නගරයක්

මුහුදේ ගිලී ගියේ යැයි පැවසෙන ජර්මනියේ Rungholt නගරයේ යැයි සැක කළ හැකි නටඹුන් නගරයක් සිතියම් ගත කිරීමට විද්‍යාඥයන් සමත් ව ඇත. ක්‍රිස්ටියන්-ඇල්බර්ට් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් අනුව මෙසේ ගවේෂණය කරනු ලැබ ඇති නටඹුන් ගහන වපසරිය කිලෝමීටර 1.9 දක්වා පැතිර ඇත.
Südfall නමින් හැඳින්වෙන දූව ආශ්‍රිත මේ නටඹුන් නගරය හමුවී ඇත. මෙය අනාවරණ කරගනු ලැබුණේ එම දූපත පදනම් කරගනිමින් සිදු කළ භූ භෞතික ආවේක්ෂණයක් අතරතුර දී යි.
ජර්මානු පුරාවෘතයන්ට අනුව Rungholt නගර වැසියන් ගත කර තිබෙන්නේ සුඛෝපභෝගී අමරණීය වූ ජීවිතයකි. නමුත් බීමත් ව සිටි තරුණයන් දෙදෙනෙක් ඌරෙකුට අවසන් සක්‍රමේන්තුව දක්වන මෙන් බලපෑම් කිරීමෙන් අනතුරුව පූජකතුමා පල්ලියට ගොස් දෙවියන් යැද ඔවුන්ට දඬුවම් ලබා දෙන ලෙස යාඥා කළ බව කියැවේ. පසු දින පූජකවරයා නගරයෙන් පිටත් ව ගිය පසු මහා කුණාටුවක් හමා විත් Rungholt නගරය පෘථිවිය මතුපිටින් අතුරුදන් ව ගොස් ඇත.
සොයාගත් නටඹුන් අතර වරායක්, වාරි පද්ධතියක් සහ සුවිසල් පල්ලියක පාදමේ කොටසක් ද වේ. කෙසේ නමුත් නටඹුන් කොටස් සියල්ලක් ම පාහේ ඛාදනයට ලක් වෙමිනුයි පවතී. එනිසා වැඩිදුර පර්යේෂණ කටයුතු කඩිනමින් සිදු කිරීමට සිදු වනු ඇති බවයි පර්යේෂණ කණ්ඩායම සඳහන් කරයි.
366 Views
Comments