පෘථිවිය සූර්යා හා ක්ෂීරපතයේ ගමන

මේ මුළු විශ්වයේම මොනතරම් අභ්‍යවකාශ වස්තූන් තියෙනවද? ඒ සියල්ලම තිදෙනෙක එකම තැන නොරැඳෙන බව ඔබ දන්නවා නේද? පෘථිවිය තමන් වටා භ්‍රමනය වීම ඇත්ත වශයෙන්ම අභ්‍යවකාශයේ ඇති එකම චලිතය නොවේ. අපේ සෞරග්‍රහ මණ්ඩලය වටා පිහිටලා තියෙන ග්‍රහලෝක වල පිහිටීම එකින් එකට වෙනස් වෙනවා. පෘථිවිය තමන් වටා තමා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා සූර්යයා වටා ගමන් කරන නිසා දිවා රෑ ඇති වෙමින් සෘතු බේද අපිට ඇති වෙනවා. පෘථිවියට එලෙස සූර්යයා වටා ගමන් කිරීමට දින 365 ක් ගතවන අතර විද්‍යාඥ කෝර්නෙල්ට අනුව සූර්යයා වටා අපේ කක්ෂීය වේගය පැයට සැතපුම් 67,000ක් ඒ කියන්නේ කිලෝ මීටර 107 000ක් පමණ වෙනවා. මේ ගාන හරිද කියලා බලමුද?
සාමාන්‍යයෙන් පෘථිවියට සූර්යයා වටා කක්ෂගත වීමට දින 365 ක් ගත වෙනවා. කක්ෂය ඉලිප්සීය වන නමුත් ගණිතය සරල කිරීම සඳහා ඒක අපි රවුමක් කියලා හිතමු. ඉතින් පෘථිවි කක්ෂය කියන්නේ රවුමක වට ප්‍රමාණය. තාරකා විද්‍යාත්මක ඒකකයක් ලෙස හැඳින්වෙන පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර සැතපුම් 92, 955,897ක්. ඒ කියන්නේ කිලෝ මීටර් 149, 597, 870ක්. ඒ තමයි රවුමේ අරය. රවුමක වට ප්‍රමාණය ගනනය කරන්නේ 2ෆයිr. ඒ විදියට බලනකොට අවුරුද්දක් ඇතුළත පෘථිවියට සැතපුම් මිලියන 584 කිලෝමීටර් මිලියන 940ක් ගමන් කරනවා. වේගය ගණනය කරන්න සැතපුම් මිලියන 584 නැත්නම් කිලෝමීටර් මිලියන 940 දින 365.25 න් බෙදුවාම ලැබෙන ප්‍රතිඵලයෙන් පැයට සැතපුම් හෝ පැයට කිලෝමීටර් ගණන හොයාගන්න පුළුවන් වෙනවා. පෘථිවියේ දිනකට සැතපුම් මිලියන 1.6 කිලෝමීටර මිලියන 2.6 නැත්නම් පැයට පැයට සැතපුම් 66,627 ඒ විදියට ගමන් කරනවා. දළ වශයෙන් ගාන හරි නේද?
ක්ෂීරපථයේ සූර්යයාටත් තමන්ගෙම කියලා ගමනක් තියෙනවා. සූර්යයා මන්දාකිනියේ කේන්ද්‍රය ඉඳන් ආලෝක වර්ෂ 25000 ක් විතර ඈතින් පිහිටලා තියෙනවා. ඉතින් සූර්යයා සහ සෞරග්‍රහ මණ්ඩලයත් තත්පරයට කිලෝමීටර දෙසීයක වේගයෙන් එහෙමත් නැත්නම් පැයට සැතපුම් 448,000ක වේගයෙන් ගමන් කරනවා. මේ වේගයෙන් වුවත් සෞරග්‍රහ මණ්ඩලයට ක්ෂීරපථය පුරාම ගමන් කරන්න වසර මිලියන 230ක් විතර ගතවෙනවා. ක්ෂීරපතයත් අනෙකුත් මන්දාකිණි වලට සාපේක්ෂව අභ්‍යවකාශය පුරාම ගමන් කරනවා. ඊට වසර බිලියන 4ක විතර කාලයක් ගතවෙනවා. ඉතින් ඒ කාලේ ඇතුලත පෘථිවිය තව කී වරක් විනාශ වේවිද? හිතාගන්න බැරි විදියේ අලූත් ජීවීන් රැසක් අලුත් ලෝකය තුළත් උපදීවි.
by Dilki Shamani
Photo source : Internet
3429 Views
Comments