භාවනාව පිටුපස ඇති පුදුමාකාර ස්නායු විද්‍යාව

භාවනාව කියන්නේ බෞද්ධයන්ට හුරුපුරුදු දෙයක් වුණත් එය බටහිර රටවලට නුපුරුදු දැකීමක්. නමුත් ඔබ දන්නවාද මේ වන විට භාවනාව බටහිර ලෝකයට ක්‍රමයෙන් ව්‍යාප්තවෙන බව. ස්නායු විද්‍යාඥයන් චුම්බක අනුනාද රූප සහ ස්කෑන් භාවිතයෙන් මොළයට භාවනාවෙන් සිදුකරන බලපෑම හදුනාගෙන තියෙනවා.මොළයේ ආතතිය ඇතිකරවන හෝර්මෝනය වන කෝටිසෝල් සිහියෙන් යුතුව භාවනා කිරීමෙන් පාලනය කරගත හැකි බව හඳුනාගෙන තියෙනවා. මනස ඉබාගාතේ යන විට එය සෘණාත්මක කාරණා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට පෙළඹෙන නිසා ආතතිය ඇතිවන බව හදුනාගෙන තියෙනවා. නමුත් භාවනාව තුළින් එම ක්‍රියාකාරීත්වය අඩු කරනවා. දලයි ලාමා භික්ශූන් වහන්සේලා සහ භාවනා නොකරන අය සමඟ අවුරුදු 7ක පමණ සිදු කරන ලද අධ්‍යයනයක දී භාවනා කරන්නන්ට රූප දිගු කාලයක් මතක තබා ගැනීමට හැකි බව හැකි බව සොයාගෙන තියෙනවා. භාවනාව නිසා ආවේග පාලනය ශක්තිමත් වී මානසික ආතතිය වේදනාව අවපීඩනය මත්ද්‍රව්‍ය හා මද්‍යසාර පිළිබඳ ගැටලු වලට ස්වයං කළමනාකරණ විසඳුම් ලැබෙනබව විද්‍යාත්මකව හඳුනාගෙන තියෙනවා.
වඩා හොද මනෝභාවය සහ මොළයේ ක්‍රියාකාරිත්වය
භාවනාවෙන් මිනිසෙකුගේ ශාරීරික මානසික සෞඛ්‍යය සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි ආකාරය පිළිබඳ බොහෝ න්‍යායන් තිබෙනවා. එක් සිද්ධාන්තයක් වන්නේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩු කිරීමයි. මෙය මන්දගාමී හෘද ස්පන්දන වේගය රුධිර පීඩනය අඩු කිරීම හුස්ම ගැනීම මන්දගාමී වීම සහ මාංශපේශී ලිහිල් කිරීම සඳහා හේතු වෙනවා. මනස නිරන්තරයෙන් එක් සිතුවිල්ලකට හුරු පුරුදු කිරීමෙන් වෙනත් බාහිර අවධානයන් කරා යොමුවීම අවම වෙනවා. ඔබ අවධානය යොමු කරන්නේ වර්තමාන මොහොත පිළිබඳ දැනුවත් කිරීමක් සඳහා පමණයි. භාවනාව තුළින් ඔබේ ක්‍රියාවන් වඩාත් අවදියෙන් හා අරමුණක් සහිතව සිදු කළ හැකි වෙනවා. භාවනාව සරලයි. නමුත් ශරීරිකව සහ මානසිකව නිශ්චලව සිටීමට සිතේ එකඟ බව අවශ්‍ය වෙනවා. බොහෝ බටහිර රටවල් භාවනාව සිදු කරන්නේ ලෞකික අරමුණු මුල් කරගෙන. ඒ රටවල් වල මේ භාවනාව දියුණු කිරීම තුළින් බොහෝ කායික ලෙඩ රෝග සුව කර ගැනීමටද අවස්ථාව උදා වෙලා තියෙනවා. භාවනාව සිදුකරන්න ආගම් බේදයක් නැහැ. ජාති බේදයක් නැහැ. බෞද්ධයන් වැඩි වශයෙන් මෙයට නැඹුරුතාවයක් දැක්වූවත් එය අනික් අයට පිලිපදින්න බැරි තරම් අසීරු කාරණයක් නම් නෙවෙයි. එය තනිකරම මනෝවිද්‍යාත්මක සත්‍යයක් .
මේනිසා අමුතු දෙයක් නොවුණු හුරු පුරුදු භාවනාව දිනකට විනාඩි විස්සක් පමණ සිදුකරන්න ඉඩ කඩ හදාගන්න. ඉන් ඔබේ කයටත් මනසටත් දැනෙන වෙනස අත් විඳින්න උත්සාහ කරන්න.
by Dilki Shamani
Photo source : Internet
564 Views
Comments