කවුරුත් දන්නා මුරුංගා වල නොදන්නා ගුණ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

කවුරුත් දන්නා මුරුංගා වල නොදන්නා ගුණ

කවුරුත් දන්නා මුරුංගා වල නොදන්නා ගුණ

මුරුංගා කියලා කියන්නේ ඉතාමත් ගුණදායක එමෙන්ම ඖෂධීය වටිනාකමක් සහිත ශාකයක්. වර්තමානයේදී විදෙස් රටවල් රැසක් එහි ගුණ අධ්‍යනය කරමින් විවිධ ඖෂධ වර්ග පවා නිපදවා එහි බලපත්‍ර පවා ලබාගැනීමට පෙළඹී තිබෙනවා. එලෙස නැතත් ඉස්සෝ උයනකොට , මඤ්ඤොක්කා තම්බනකොට මුරුංගා කොළ ටිකකුත් මුට්ටියට දානවා, යම් විසක් ඇත්නම් එය නැති කරන්න කියල. මුරුංගා කියන්නේ බෙහෙත් ඖෂධයක් කියලත් අපි දැනගෙන හිටියා. ඒ නිසා බඩේ අමාරුවට බොන තැම්බුං හොද්දට මුරුංගා පොතු කෑල්ලකුත් දානවා.


මුරුංගා කරල් වගේම මුරුංගා කොළත් ඉතාම ගුණවත් ආහාරයක් . ඉන්දියානු ආයුර්වේද වෙදකමට අනුව මුරුංගාවලින් ලෙඩ 300කට වැඩි ගණනක් සුව කළ හැකි බව කියවෙනවා. ඒ විතරක් නො වෙයි. මුරුංගා මන්දපෝෂණය නැති කිරීමට උපකාර වෙනවා. මුරුංගා කොළවල ප්‍රෝටීන් බහුල ව ඇති බවයි පැවසෙන්නෙ. ඒ වගේ ම මස් මාළු ආදියෙන් ලැබෙන ශරීරයට අත්‍යවශ්‍ය යයි කියන ඇමයිනෝ අම්ල වර්ග සියල්ල ම වාගේ මුරුංගාවල තිබෙන බවයි කියවෙන්නේ.
මුරුංගා යනු මස් මාළු ආදියට විකල්පයක් ලෙස ගත හැකි ආහාරයක් බවත් කියැවෙනවා. මේ තත්ත්වය වෙනත් කිසිම ශාක එළවළුවක නැති බව ද සොයා ගෙන තිබෙනවා. නොමිලයේ ම වාගේ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් ලබා දෙන විස්මිත ආහාරයක් තමයි මුරුංගා. දැන් දැන් බටහිර රටවල් මුරුංගා යනු ලෝකයේ ආශ්චර්යවත් ම ගස (Miracle Tree) ලෙස හඳුන්වන්නේ මේ කරුණු නිස යි.

 


එමෙන්ම මුරුංගා ගස් සාත්තු කිරීමක් අවශ්‍ය නැහැ. ඕනෑම කටුක පරිසරයක් උවට්‍ය් සාර්ථකව වැඩීමේ හැකියාව එයට තිබෙනවා. මුරුංගා කොළ මැල්ලුමක් විදියට , ව්‍යංජනයක් විදියටත් සකස් කර ගන්න පුළුවන් . ඒ වගේමයි. ඒවාගේ අමුකොළ යුෂ පානය කරන්න පුළුවන්.


කැල්සියම් , පොස්පරස් , යකඩ , විටමින් සී අඩංගු මුරුංගා හදවත් රෝග , පිළිකා හා බෝවන රෝග වලින් ආරක්ෂා වීමට උපකාරී වේ.
මුරුංගා ගස නියඟයට ඔරොත්තු දෙනවා. රටවල් කාන්තාරකරණය වීමෙන් වළකාලනවා. මුරුංගා ගසට රසායනික පොහොර අවශ්‍ය නැහැ. කෘමිනාශක අවශ්‍ය නැහැ. අමතර සාත්තු අවශ්‍ය නැහැ. ඕනෑම නිසරු පොළවක වැවෙන මේ ගසේ මුල්, පොතු, කොළ, කරල්, ඇට ආදි සෑම කොටසක් ම විවිධ ප‍්‍රයෝජන සඳහා යොදා ගැනෙනවා. මේ ආහාරය මන්දපෝෂණය දුරු කරනවා. ගස දිරා පොළවට වැටුණු පසු එම පස ද සාරවත් කරනවා. බහුල වශයෙන් වගා කිරීමෙන් රැකියා නියුක්තිය වැඩිකර ගන්නත්, ආදායම් වැඩිකර ගන්නත් පුළුවන්. ඒ වගේ ම රටට විදේශ විනිමය උපයා ගන්නත් පුළුවන්.

 

 

 

 

 

by Lakshani

Photo source : Internet

views

548 Views

Comments

arrow-up