සමේ පැහැය ගැන ඉන්දියාවේ මතු වූ ආන්දෝලනය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

සමේ පැහැය ගැන ඉන්දියාවේ මතු වූ ආන්දෝලනය

සමේ පැහැය ගැන ඉන්දියාවේ මතු වූ ආන්දෝලනය

අපේ සිරුරේ විශාලතම ඉන්ද්‍රිය ලෙස සැලකෙන්නේ සම. මේ සමේ පැහැය කලාපයට රටින් රටට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් සමේ පැහැයන් හයක් දක්නට ලැබෙනවා. ඒ මුතු සුද, පැහැපත්, මධ්‍යම, පැහැපත් මධ්‍යම, තලෙළු සහ කළු. මෙම වර්ණ අතරින් මුතු සුදු සහ පැහැපත් මධ්‍යම කාණ්ඩ බටහිර යුරෝපයට ආවේණික පැහැයන් වන අතර තලෙළු ආසියාතිකයන්ටත් කළු නීග්‍රෝ හා අප්‍රිකානු කාණ්ඩයට අයත් වෙනවා. නමුත් අද වන විට තමන්ට ආවේනික පැහැය වෙනස් කර ගැනීමට වැඩි දෙනෙක් උත්සහ දරනවා.

ඉන්දියාව කියන්නේ ලස්සන කාන්තාවන්ගේ පාරාදීසියක්. ඔවුන් අතර රූප රාජිනියන් තේරීමේදී සමේ පැහැය නිර්ණයක් ලෙස සැලකුනත් අද වන විට ඉන්දීය කාන්තාවන් අතර සම පැහැපත් කරන විවිධ ආලේපන නිසා ඔවුන් ස්වභාවික පැහැයෙන් දුරස් වීමේ ප්‍රවණතාවයක් ගොඩනැගෙමින් තිබෙනවා. අතීතයේ ඉන්දියාවේ කාන්තාවන් සම පැහැපත් කිරීමට යොදාගෙන තිබුණේ ස්වභාවික ආලේපන වුණත් අද වන විටත් විවිධ රූපලාවණ්‍ය ක්‍රම ඔස්සේ සැබෑ පැහැය ඉවත් කරගනිමින් සිටිනවා. අඳුරු පැහැයට හුරු සම නිසාම මෝස්තර නිරූපණයට ඉන්දියානු කාන්තාවන් යොදා නොගත් අවස්ථා පවා දක්නට ලැබුණා.

 

 

මෑත කාලයේ පටන් මෙය කාන්තාවන් අතර පමණක් නොව පිරිමින් අතර වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අවශ්‍යතාවයක් ලෙස සැලකෙනවා. විශේෂයෙන්ම රංගන ශිල්පීන් ශිල්පිනියන් තමන්ගේ සැබෑ පැහැය වෙනස් කර ගැනීම බොහෝ දෙනා අතර ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. ඇතැම් රංගන ශිල්පිනියන්ට සම සුදු කරන ක්‍රීම් වර්ග ප්‍රචාරණ දැන්වීමක් වෙනුවෙන් අධික මුදලක් ගෙවීමට කැමති වුණත් ඔවුන් එම සමාගම් වල දැන්වීම් වලට පෙනී සිටීම ප්‍රතික්ෂේප කරමින් තිබෙනවා. සම සුදු කිරීමට භාවිතා කරන bleaching whitening creams fairness cream සමට අහිතකර ලෙසින් බලපෑම ඇති කරනවා. බොහෝ කාන්තාවන් පමණක් නොව පිරිමින් පවා භාවිතා කරන මේ ආලේපන නිසා සමේ සමේ පිළිකා ඇතිවීම මදසරු බව දරුපල අහිමි වීම ප්‍රතිශක්තිකරණය දුර්වල වීම සහ ස්නායු ආබාධ ඇතිවීම බහුලව දක්නට ලැබෙනවා.

සුදුවීමේ මානසිකත්වය වෙනුවට සම නිරෝගී කරගැනීමට ගතහැකි පිළියම් සැමවිටම ගැනීමයි වැදගත් වන්නේ. කොත්තමල්ලි ලොත්සුඹුල් වදකහ සමව ගෙන චූර්ණ කර මී සමග කලවම් කොට තවරා විනාඩි විස්සකින් පමණ සෝදා හැරීමෙන් ඔබේ සමට දීප්තිමත් පැහැපත් බවක් ලබා ගන්න පුළුවන් බව ආයුර්වේදයේ පවසනවා. මීට අමතරව බුළු කුඩු මීපැණි පැණි සමග මිශ්‍රකර සිරුරේ ගැල්වීමත් ඉදුණු නුග කොළ වැල්මී නෙලුම් මල් කොකුම් සිරුරේ ගැල්වීමත් සම පැහැපත් කිරීමට උපකාරී වෙනවා. කෘතීම රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන භාවිතයට වඩා සෑම විටම තමන්ගේ සමේ පැහැය රැක ගැනීමට ස්වභාවික සත්කාර වෙත යොමුවීමේ වැදගත්කම ඉන්දියානුවන් ලොවට පැහැදිලි කරමින් සිටිනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1254 Views

Comments

arrow-up