ඔබගේ ලේ වර්ගයෙන් හෙළිවන මෙතෙක් නොදැන සිටි රහස්

රුධිර වර්ගය අපට උරුම වන්නේ අපගේ මවුපියන්ගෙනි. නවීන පර්යේෂණ මගින් රුධිර වර්ග වලට සමාන්තරව සෑදිය හැකි ලෙඩ රෝග හා වාසි හඳුනාගෙන ඇති අතර මේ දේවල් ඔබට ගැළපෙනවා නම් කල්පනාකාරීව නිරෝගීව සිටීමට අවශ්‍ය ක්‍රියා අනුගමනය කිරීම වඩාත් සුදුසුයි.
A කාණ්ඩය
මෙම කාණ්ඩයේ කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ කාලයත් සමග නිසරු වීම අඩුවීම නිසා ඔවුන් වැඩිහිටි වියේදී පවා ගැබ් ගැනීමට හැකියාවක් ඇත. දුම්පානයට හා මත්පැන් පානයට ලැදි ඔවුන් ආමාශගත පිළිකා වලට ගොදුරු වීමේ අවදානම වැඩිය.
B කාණ්ඩය
මතකය පිළිබද ආබාධ. ඇල්මියර්ස් රෝගය හෝ මානසික ආබාධ වියපත් වීමත් සමග ඇති වේ. යහපත් පරිවෘත්තීය ක්‍රියාකාරකම්, ලෙහෙසියෙන්ම මාංශ පේශීන් ගොඩනැගීම හා ශාරීරික ව්‍යායාම වලට යහපත් ප්‍රතිචාර දැක්වීම මෙම කාණ්ඩයේ අයගේ බහුලවම දැකිය හැක.
AB කාණ්ඩය
මෙම කාණ්ඩයේ කාන්තාවන්ට ඩිම්බ කෝෂ පිළිකා අවදානමක් තිබෙන අතර ගර්භනී කාන්තාවන් අධික රුධිර පීඩනයට ගොදුරුවීමේ අවදානමක් ඇත. හදවත් රෝග, ආඝාතය ජීරණ පද්ධතියේ ලෙඩ රෝග වන ගැස්රයිටීස්, බඩවැල් ආශ්‍රිත ලෙඩ සඳහාද අවදානමක් ඇත. එමෙන් ම අප්‍රසන්න සිදුවීමකින් පසු මොවුන්ගේ කෝටිසෝල් හෝර්මෝන මට්ටම බොහෝ වේලාවක් ස්ථාවරව පැවතීම නිසා ආතතිය මැඩලීමට ඇති හැකියාව අඩු අතර හොඳ පෙනීමක් ද ඇත.
O කාණ්ඩය
මෙම කාණ්ඩයේ අය හදවත් හා ආමාශගත පිළිකා වලට ගොදුරු වීමේ අවදානම අඩුය. පිරිමින් ස්ථූල බවින් යුක්ත වන අතර බැක්ටීරියා මගින් ආමාශගත තුවාල ඇතිවීමට ඉඩකඩ ඇත. එම කාණ්ඩයේ කාන්තාවන් බොහෝවිට මදසරු බවින් යුක්ත වීම නිසා දරු ඵල ප්‍රතිශතය අවම මට්ටමක පවතී. මොවුන්ගේ කෝටිසෝල් හෝර්මෝන මට්ටම කිසියම් අප්‍රසන්න සිද්ධියකට පසු ක්ෂණිකව පහත වැටීම නිසා ආතතියට වැඩි හොඳ ප්‍රතිරෝධයක් දක්වයි.
by Gihan Hapuhetti
Photo source : Internet
683 Views
Comments