අවාසනාව කැන්දන කාන්තා මුහුණක ලක්ෂණ

01. ප්‍රමානවත් තරම් පෘෂ්ටිමත් නොවන මුහුණ
පහතට ගිලී ගිය කම්මුල් හා අතිශයින් කෙට්ටු මුහුණක් ඇති කාන්තාවක් සැමියාට අවාසනාව ළඟා කරයි. අතීතයේ දී චීන ජාතිකයින්ට විවාහ කර ගැනීමට කාන්තාවන් තේරීමේ දී මෙය දැඩිව සැලකිල්ලට ගත් බව සඳහන් වේ. එසේම අතිශයින් ම කෙට්ටු සිරුර ද ද අශුභ ලෙස සලකයි.
02. ප්‍රමාණයට වඩා අධික ලෙස පළල් වූ හක්ක සහිත මුහුණ
මෙසේ උල් වූ පෙනුමක් සහිත අධික ලෙස පළල් වූ හක්කක් සහිත මුහුණක් ද අසුබ ලෙස සැලකේ. සම සතරැස් හක්කක් ඇති කාන්තාවන් ද අශුභයි. මෙවන් බිරිඳක් හිමි සැමියන් අඩු වයසින් මිය යන බව විශ්වාස කරයි.
03. ඇස් දෙක එකිනෙකට ළඟින් පිහිටි මුහුණ
මෙවන් මුහුණක් ද අවාසනාවක් කැන්දන බව විශ්වාස කෙරෙයි. මොවුන්ගේ මුල් ජීවිත කාලය යහපත් වුවද ඔවුන් ක්‍රමයෙන් වයසට යත්ම අගහිඟකම් ඇති වෙන බව ද දිළින්දන් වෙන බවට ද විශ්වාස කෙරේ.
04. ඉතා ඝනව ඇහිබැමි විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇති මුහුණු
මුහුණට ඇහිබැමි සිහින්ව මැනවින් හැඩය ගන්නා පරිදි පිහිටා තිබිය යුතුය . එවැනි ඇහ බැමි වඩාත් සතුටුදායක ය. නමුත් ඇස්බැමි ඉතා විශාල ප්‍රමාණයක් වැඩි ප්‍රදේශයක් පුරා පැතිරී තිබීම අශුභය යි බැහැර කරයි . මෙවැනි ඇහි බැමි ට්‍රීම් කිරීම සුදුසුය.
05. ඉන්නන්, කුඩා ලප හෝ අවලක්ෂණ උපන් ලප ඇති මුහුණු
කැළැල් නොමැති සුදට හුරු මුහුණක් සෞභාග්‍යයේ මුහුණක් ලෙස සැලකේ. ඉන්නන්, කුඩා ලප හෝ වෙනත් අවලස්සන උපන් ලප මුහුණේ පිහිටා තිබීම ජීවිතයේ බාධක ඇති වන බවට සලකුණකි. බෙල්ල පිටුපස ඇති ඉන්නන් පිළිබඳව ද පැරැන්නෝ විශේෂයෙන් අප්‍රසන්නතාවයක් දැක්වූ හ. එය දුෂ්කර කරදර ඇති ජීවිතයක් පෙන්නුම් කරන බව සඳහන් වේ.
වාසනාව කැන්දන මුහුණු
සුදට හුරු මුහුණ ක දීප්තිමත් රතු කම්මුල් තිබීම සැමවිටම වාසනාව කැන්දයි. රෝස පාට කම්මුල් සශ්‍රීකත්වයේ පෙර නිමිති ලෙස සංකේතවත් වේ. කම්මුල් පිරුණු හා වටකුරු ස්වභාවයෙන් යුක්ත විය යුතුය. එවන් කම්මුල් සහිත කාන්තාවන්ගේ ජීවිතය ඉසුරුමත් බවට පත් වන බව විශ්වාස කෙරේ. හිස කෙස් පසුපසට පීරා තිබිය යුතුය.
මැදින් බෙදෙන ලද හිසකෙස් සහිත කාන්තාවක් පවුලක් තොර ජීවිතයක් පෙන්නුම් පෙන්නුම් කරන බව සඳහන් වේ. අද වන විට රූපලාවණ්‍ය තාක්ෂණය දියුණුව ඇති නිසා මුහුණේ අශුභ යැයි පවසන අංග නිවැරදි කරගැනීමට ඔබට රූපලාවන්‍ය භාවිතා කළ හැකිය. ඔබේ මුහුණ මැනවින් සමබර ව තිබෙන බවට සහතික වන්න.කම්මුල්වල සිදු සිදුරු නොමැතිව වටකුරු පෙනුමක් ගත යුතු අතර තොල් කුඩා සහ පිරුණු ඒවා විය යුතුය. නාසය උස් වටකුරු සහ පෘෂ්ටිමත් විය යුතුය. නාසය වැඩියෙන් පෘෂ්ටිමත් වන විට වැඩියෙන් ඉසුරුමත් බව ළඟා වන බව විශ්වාස කෙරේ . ඇහි බැමි සිහින් හා මනා හැඩයක් ගත යුතු බව කියැවේ.
by Nuwandara Mudalige
Photo source : Internet
1339 Views
Comments