අත් සේදීමෙන් විෂබීජ මරන්න පුළුවන් බව සොයාගත් ඉග්නාස් සැමවල්වයිස්

අපි හැමදාම අත සේදුවත් අද පවතින තත්වය නිසා අත් සේදීම පිළිබඳ අපි හැමෝගෙම වෙනදට වඩා වැඩි අවධානයක් යොමුවෙලා තියනවා. විශේෂයෙන් හුරුපුරුදු විය යුතු ප්‍රගුණ කළ යුතු විද්‍යාත්මක කාරණයක් විදියට අත් සේදීම සුදුසු බව සොයාගෙන තියෙන්නේ මීට වසර 174ට පමණ ඉහතදී. ජීවිත මිනිස් ජීවිත බිලිගන්නා වෛරස මර්දනය සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස දෑත් සේදීම ලොවට හඳුන්වා දී තියෙන්නේ 1846 වෛද්‍ය ඉග්නාස් සැමවල්වයිස් විසින්. ජීවිත දහස් ගණනක් බේරා ගන්නට හැකි ක්‍රමයක් ලෙස ලොවට හදුන්වාදුන් ඉග්නාස් සැමවල්වයිස් නාරිවේද පිළිබඳ වෛද්‍යවරයකු මෙන්ම විශේෂඥයෙකු ලෙස සැලකෙනවා. ඔහු father of infection control යන ගෞරව නමින් හඳුන්වනවා.
ඉග්නාස් සැමවල්වයිස් උපත ලබන්නේ 1818 ජූලි මාසයේ හංගේරියානු රාජධානියට අයත් බූඩා පළාතේ. වියානා විශ්වවිද්‍යාලයෙන් වෙන්මෙන්න බුඩාපෙස්ට් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නා ඔහු ප්‍රසව වෛද්‍ය පිළිබඳ වෛද්‍යවරයෙක්ව ශල්‍ය වෛද්‍යවරයෙකු වශයෙන් ඉන්පසු කටයුතු කරනවා. වියානා රෝහලට අලුත් රස්සාව ලැබුණ වෛද්‍යවරයකු ලෙස සැමවල්වයිස් මාතෘ සායන වලට අනියුක්තව ක්‍රියාකරනවා. ඒ අතර තුර සැමුවෙල්ස්ට අවැසි වූයේ මාතෘ වාට්ටුවල අසාමාන්‍ය ප්‍රමාණයක් මව්වරුන් මිය යන්නේ ඇයිදැයි සොයා බලන්න. ඒ සඳහා මාතෘ වාට්ටු දෙකක් අධ්‍යනය සඳහා තෝරාගන්නවා. ඉන්න එක් වාට්ටුව මුළුමනින්ම පාහේ දොස්තරවරුන් හා වෛද්‍ය ශිෂ්‍යයින් විසින් පවත්වාගෙන යන අතර අනික පවත්වාගෙන ගියේ වින්නඹුවරියන් විසින්.
මේ වාට්ටු වල සිදුවන මරණ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු එක් රැස් කරන්නට පටන් ගත්තා. ඉන් පෙනී ගියේ වින්නඹු කාන්තාවන් යටතේ පාලනය වූ වාට්ටුවල මරණ සංඛ්‍යාවට වඩා පස් ගුණයක මරණ සංඛ්‍යාවක් පමණ වෛද්‍යවරුන්ගේ පාලනය වන වාට්ටුවල සිදුවෙනවා. ඒ ගැඹුරින් අධ්‍යයනය කළ ඔහු වසර තිස්සේ පිළිබඳ පරීක්ෂණ කලත් ඊට නිසි පිළිතුරක් සොයාගැනීමට නොහැකිවීම නිසා කනස්සල්ලෙන් ඉග්නාස් සැමවල්වයිස් නිවාඩුවකට වැනීසියට යනවා. ඉන්පසුව සැමවල්වයිස්ට අසන්නට ලැබුණේ රෝහලේ මිතුරකු වූ වෛද්‍යවරයෙකු අසනීපයෙන් මියගිය බවත් ඊට හේතුව වන්නේ අනුප්‍රසූතික උණෙන් මියගිය තැනැත්තියගේ මළසිරුරක් පරීක්ෂා කිරීමෙන් පසු හදිසියේ රෝගාතුරවී මිය යෑමයි. ඒ ගැන ඔහු තවදුරටත් කල්පනා කරනවා. බොහෝ සෙයින් මාතෘ මරණ සිදුවන්නේ වෛද්‍යවරුන් ගේ පාලනය යටතේ වූ වාට්ටුවේ. ඒ සමඟම ඔහුට කල්පනා වූයේ මළ සිරුරු පරීක්ෂා කරන්න වෛද්‍යවරුන් නැවත ප්‍රසූතියකට සූදානම් මවක් ඇල්ලීමේදී මළසිරුරු වල තැවරුන යම් ද්‍රව්‍යයක් මව්වරුන්ගේ සිරුරට ඇතුළු වීමෙන් මරණ සිදුවන බව අනුමාන කලා.
ඔහුගේ අනුමානය නිවැරදි වුණත් ඔහු එවකට විසබීජ ගැන කිසිවක් දැන සිටියේ නැහැ .එහෙත් ඔහු යෝජනා කළේ මළ සිරුරු පරීක්ෂා කිරීමෙන් පසු ක්ලෝරීන් සහිත ද්‍රව්‍යකින් අත සෝදා ගැනීම කළ යුතු බවයි. එය නිවැරදි බව සනාථ කරමින් එම ක්‍රමය අනුගමනය කිරීමෙන් පසුව මාතෘ මරණ සීග්‍රයෙන් අඩු වුණා.
අත සේදීම නිවැරදි විසබීජහරණය ක්‍රමයක් ලෙස සොයාගත් ඉග්නාස් සැමවල්වයිස්ගේ මේ සොයා ගැනීම මහජන සෞඛ්‍යය සුභ සාධනයට ප්‍රබල මෙවලමක් බවට පත්වුණා. මේ තරුණ වෛද්‍යවරයාගේ ඉල්ලීම සහ සොයාගැනීම් පිළිගන්න එවකට සමාජය එතරම් වැඩ කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ නිසා ඔහුට සතුරන් රාශියක් ඇති වුණා අවසානයේ ඉග්නාස් සැමවල්වයිස්ගේ රැකියාවත් අහිමි වුණා. ඔහුගේ හඩට කිසිවෙකුටත් කන් නොදුන් අතර ඒ පීඩනය නිසාම ඔහු මානසික රෝගියකු බවට පත්වුනේ 47 හැවිරිදි වියේදී. අවාසනාවන්ත කාරණය නම් මෙලෙස සොයාගැනීමක් කළ මේ වෛද්‍යවරයා අවසානයේ විෂබීජයකටම ගොදුරු වී මිය යාමට සිදුවෙනවා. නමුත් ඉග්නාස් සැමවල්වයිස්ගේ මේ සොයා ගැනීම නිසා අදවන විට මිනිසුන් රාශියකගේ ජීවිත අද වන විට බේරී තියෙනවා.
by Dilki Shamani
Photo source : Internet
412 Views
Comments