වාණිජ මහාධිකරණය පිළිබඳව ඔබ දැනුවත්ද?

වාණිජ මහාධිකරණය යනුවෙන් හැඳින්වෙන මහාධිකරණය මෑතකදී කොළඹ පිහිටුවනු ලැබුයේ දිස්ත්‍රික් උසාවි වල ගොඩනැගී තිබුණු විශාල නඩු ප්‍රමාණය අඩු කිරීම සඳහාය. මෙම අධිකරණය 1996 අංක 10 දරණ පළාත් මහාධිකරණ පනත යටතේ පිහිටුවන ලදී. මෙම පනත මගින් සමහර සිවිල් නඩු ඇසීමේ හා තීරණය කිරීමේ අධිකරණ බලය ලබාදී ඇත. විශේෂයෙන් හඳුනාගනු ලැබූ සමහර සිවිල් කරුණු සම්බන්ධයෙන් අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් 1996 අංක 10 දරන පළාත්බද මහාධිකරණ පනත මගින් වාණිජ මහාධිකරණ ස්ථාපිත කරනු ලැබීය.
ඉහළ වාණිජ අගයක් ගන්නා කරුණු සම්බන්ධයෙන් වන මතභේද සහ බුද්ධිමය දේපල පනත යටතේ ගැනෙන නඩු සහ සමාගම් පනත යටතේ ගැනෙන සමහර නඩු මේ යටතේ ආවරණය වේ. දේශීය හා ජාත්‍යන්තර යන ක්ෂේත්‍රයන් දෙකෙන්ම ව්‍යාපාරික ගනුදෙනු ඉහළ යාම හේතුවෙන් මෙම අධිකරණය පිහිටුවීම අවශ්‍ය විය. සිදුවන මතභේද විසඳීමට යෝග්‍ය හා කඩිනම් ක්‍රමවේදයක් නොමැති නම් මෙම ක්‍රමය වාණිජ ලෝකයේ ක්‍රමවත්ව සිදුවිය නොහැකිය. වාණිජ ගනුදෙනුවක් හේතුවෙන් නඩු නිමිත්තක් පැනනැගෙන සියලුම ණය, අලාභ සහ ඉල්ලීම් සම්බන්ධ නඩු එහි වටිනාකම රුපියල් මිලියනයකට වඩා වැඩිවන්නේ නම් කලින් කලට අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් නියම කරනු ලබන වෙනයම් වටිනාමකමකට වැඩි වන්නේ නම් එවැනි නඩු විසඳීම කරනු ලැබේ. මේ අනුව ප්‍රතිපාදන යටතේ නඩු පැවරීමට එය වාණිජ ගනුදෙනුවක් හේතුවෙන් පැන නගින මතභේදයක් විය යුතු අතර එහි වටිනාකම රුපියල් මිලියනයකට වඩා වැඩි විය යුතුය.
කෙසේ වෙතත් මෙම අධිකරණය ක්‍රියාත්මක වීම ආරම්භ වීමට පෙර අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගයක් මගින් වටිනාකම රුපියල් මිලියන තුන දක්වා වැඩි කෙරිණි. මේ යටතේ නඩු පැවරීම කරන නීතිඥයන් මෙම කරුණ ඉතා තදින් සිහියේ තබා ගත යුතුයි. නඩුවක් පැවරීමේදී මෙයට විශේෂ අවධානයක් යොමු කළ යුතුය. නඩුවේ වටිනාකම තීරණය කිරීමේදී ප්‍රශ්නයක් පැනනගී නම් නඩුවේ වටිනාකම තීරණය කරනු ලබන්නේ පැමිණිලිකරු විසින් හිමිකම් කියනු ලබන වටිනාකම පදනම් කරගෙනයි. වගඋත්තරකරුගේ හරස් ඉල්ලීම රුපියල් මිලියන තුන ඉක්මවන්නේ නම් විට අධිකරණ බලය පිළිබඳව ප්‍රශ්නයක් පැනනගී. පැමිණිලිකරුගේ හිමිකම් පෑම රුපියල් මිලියන 3 නොඉක්මවන්නේ නම් දිසා අධිකරණය නඩුව ගොනුකර පවත්වාගෙන යා යුතුය. එවැනි අවස්ථාවක වගඋත්තරකරු ගේ හරස් ඉල්ලීම රුපියල් මිලියන තුන ඉක්ම වූවද නඩුව දිගටම දිසා අධිකරණයේ පවත්වාගෙන යා යුතුය. එමනිසා හරස් ඉල්ලීම් රුපියල් මිලියන 3 ඉක්ම වූවද දිසා අධිකරණයෙන් වාණිජ අධිකරණයට මාරු කිරීමට කෙරෙන ඉල්ලීමට ඉඩ දෙනු නොලැබේ. එමනිසා නඩුවක් පැවරීමේදී නඩුවේ වටිනාකම තීරණය වන්නේ පැමිණිලිකරුගේ හිමිකම් පෑම හෝ පෑමටද අනුවය.
කෙසේ වෙතත් වාණිජ ගනුදෙනුවක් යන්න අර්ථ නිරූපණය කිරීමේ ගැටලුව පැන නගින්නේ ගනුදෙනුවේ ස්වාභාවය පිළිබඳ සැකයක් මතුවන අවස්ථාවකදී පමණි. ඒ අනුව වටිනාකම රුපියල් මිලියන 5කට වඩා වැඩි වුවද ඉඩම් ආරවුලක් වැනි නඩු මුලින්ම ඉවත් කළ හැකි අතර මෙම අධිකරණය විසින් එවැනි නඩු සලකා බලනු නොලැබේ. කෙසේ වෙතත් සමාගම් පනත යටතේ පැනනගින කරුණු වලට අදාළ නඩු වාණිජ මහාධිකරණයට පැවරීම වඩාත් උචිත බව සඳහන් කළ හැකිය.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
3854 Views
Comments