මුහුදු මංකොල්ලකරුවො ගිරවෙක් ඇති කරන්නෙ ඇයි?

සූර පප්පා එකේ එක තැනක ජිම් පප්පටයි, සූර පප්පටයි මුහුදු මංකොල්ලකාරයො ටිකක් මුණ ගැසෙනවා. ඒ මුහුදු මංකොල්ලකරුවන්ගෙ නායකයා ගාව ගිරවෙක් ඉන්නවා. ඒ වගේම මුහුදු මංකොල්ලකරුවන් සම්බන්ධ බොහෝ කතාවල නැවේ ගිරවෙක් ඉන්නවා.
මුහුදු ජීවිතය කියන්නෙ හරි දුෂ්කර ජීවිතයක්. මේ නිසා බල්ලකු හෝ පූසෙක් වැනි විශාල සුරතල් සතකු තබා ගැනීම මේ ජීවිතයේදී දුෂ්කර වූවා වෙන්න පුළුවන්. මේ සඳහා වඩා උපායමාර්ගික විකල්පයක් වූයේ ගිරවා වෙන්න පුළුවන්.
වරායවල සතුන් වෙළඳාම් කිරීම එකල බොහෝ ප්‍රචලිත වී තිබෙනවා. ඒ වගේම කැරිබියානු කලාපය තුළ ගිරවුන් අල්ලා ගැනීමටත් ඉතා පහසු වුණා. ඒ වගේම එකල තමන් නිවසට යන විට සතුන් ගෙන යෑමත් මිනිසුන්ගේ පුරුද්ද වී තිබුණා. හුරුබුහුටි වූ ගිරවා මේ සඳහා ඉතා හොඳ සත්ත්වයෙක් වුණා.
මුහුදු කොල්ලකරුවන්ගේ ඉතිහාසය (The History of Pirates) නම් පුස්තකයේ කතුවර ඇන්ගස් කොන්ස්ටම් වරෙක මෙහෙම කියනවා.
“ගිරවුන් වර්ණවත් සතුන් ජාතියක්, ඒ වගේම ඔවුන්ව ගෙදර ගෙන යන්න වගේම වෙළෙඳපොළේදී විකුණන්නත් හැකියාව පවතිනවා. ඔවුන්ට හොඳ ඉල්ලුමක් තිබෙනවා. වැදගත්ම දෙය ඔවුන්ට කතා කරන්න උගන්වන්න පුළුවන්. ඒ වගේම ඔවුන් විනෝදය සපයන සතුන් ජාතියක්”.
805 Views
Comments