ලොවම බියෙන් සලිත කළ දාම ඝාතන රැල්ල

ඔයාලා “Memories of Murder” චිත්රපටය බලලා ඇති. ඒක හදලා තියෙන්නේ 2003 අවුරුද්දේ. ඒ අවුරුද්දේ එහෙම ෆිලුමක් හැදුවේ එකදාස් නවසිය ගණන්වල මුළු කොරියාව ම විතරක් නෙවෙයි ලෝකය ම භීතියට පත් කරපු ඝාතන රැල්ලක් එක්ක.
දකුණු කොරියාවේ හ්වාසෙන්ග් පළාතේ හිටිහැටියේ ම කාන්තාවන් දස වද දීලා මරා දාන්න පටන් ගත්තා. එහෙම මරපු ගණන 10 ක්. වැඩේ කියන්නේ මේ මිනීමැරුම් සිද්ධ කරලා තියෙන්නේ ඒ කාන්තාව සතු ඇඳුම් ආයිත්තම්වලින්මයි. ඒ කියන්නේ ස්ටොකින්ග්ස්, බෙල්ට් වගේ ඒවයෙන්.
ඒ වගේ ම සෑහෙන ජුගුප්සාජනක විදියට ලිංගික අවයවවලට හානි කරලා තිබ්බා. සැකකරුවා ගැන තිබුණ සෑහෙන හොඳ සාක්ෂියක් වුණේ එයාගේ අත් දෙක සුමුදුයි කියන එක. කොහොමින් හරි මිනිස්සු 21,000 කගෙන් විතර ප්රශ්න කරලත් තියෙනවා.
මේක කොපි කැට් මර්ඩර් කේස් එකක් වුණා. ඒ කියන්නේ ඇත්ත ම ඇත්ත මිනීමරුවාගේ ක්රමය අනුගමනය කිරීමක්. එහෙම ඝාතනයක් කරපු කෙනෙක් ඉස්සෙල්ලා ම අල්ලා ගත්තා. ඊයේ පෙරේදා ඇත්ත ම ඇත්ත මිනීමරුවා පාපොච්චාරණයක් කරලා තිබුණා.
ඔහු ඇත්තෙන් ම කාන්තාවන් 15 ක් මරලා තිබුණා. ඉන් 9 දෙනෙක් ම හ්වාසෙන්ග් දාම රැල්ලට අහු වුණ යුවතියන් වුණා. එක මිනීමැරුමක් කරලා බසයකට ගොඩ වැදුණු වෙලේ කොන්දොස්තරයි ඩ්රයිවර් උන්නැහැ කිව්ව කරුණුයි එක්ක පොඩි ස්කෙච් එකක් ඇඳලා තිබුණා. මොහුගේ රූපය ඒකට හොඳට ම ගැලපෙනවා. අදටත් කොරියාව කම්පනය කරන කතාවක් තමයි මේ.
622 Views
Comments