හිසකෙස් ගල් කරන අපූරු තරඟයක්

කැනඩාවේ ශීත සමයේදී ඔබ තෙත් හිසකේ සමඟ එළිමහනක සිටියහොත් එය ගල් වීම සිදුවේ. ඒ හිසකේ සමග ඇති ජලය මිදී යාම නිසා යි. ඔවුන් මේ සංසිද්ධිය ඔස්සේ උත්සවයක් සංවිධානය කර ගෙන ඇත. මෙය හැඳින්වෙන්නේ ‘අන්තර්ජාතික මිදුණු හිසකෙස් තරගය’ ලෙස යි.
මෙහිදී තරගකරුවන් සිය හිසකෙස් තෙමා, අධික ශීතල ඇති එළිමහනේ සිට එය මුදවාගැනීම සිදු කළ යුතු අතර, විවිධ හැඩයන්ගෙන් සිය හිසකෙස් සහ රවුළු මුදවාගෙන තරගයට ඉදිරිපත් විය යුතු වේ.
සාමාන්‍යයෙන් මෙය සිදු කරන්නේ එළිමහනේ තබා ඇති උණුසුම් ජලය සහිත තටාකයක බැස, හිසකෙස් තෙමා ගෙන හිස ඉන් ඉහළට තබාගෙන සිටීමෙනු යි. එවිට මඳ වේලාවකින් හිසකෙස් මිදී යයි. මෙහිදී හොඳ ම මිදුණු හිසකෙස් ඇති තැනැත්තා තෝරා ගෙන ත්‍යාග පිරිනමයි.
මෙම උත්සවය සෑම වසරක ම පෙබරවාරි මස පැවැත්වෙන අතර, ජයග්‍රාහකයන් දැනුම්දෙන්නේ මාර්තු මාසයේ යි.
447 Views
Comments