සිරුර පාට කරගන්නා අමුතු උත්සවය

ඔස්ට්‍රියාවේ ශරීර පින්තාරු උත්සවය සඳහා ලොව රටවල් 40 ක පමණ හොඳ ම ශරීර පින්තාරුකරුවන් සහභාගී වේ. මෙහිදී හොඳ ම ශරීර පින්තාරු කරන්නා හට වටිනා ත්‍යාගයක් ද හිමි වේ.
මෙහිදී ඔවුන් විසින් සියලු පින්තාරු කිරීම් සිදු කළ යුත්තේ මිනිසකුගේ හෝ කාන්තාවකගේ මුහුණේ හෝ ශරීරයේ යි. පින්තාරු කළ ඇඳුම් භාවිත වීමක් සිදුවෙන්නේ නැත.
මේ සඳහා විශේෂ ශරීර පින්තාරු තීන්ත යොදා ගැනීම සිදුවේ. මීට අමතර ව ශරීර පින්තාරු කිරීම්වලට කැමති, ඒ සඳහා උනන්දුව දක්වන්නන්ට විශේෂිත වැඩමුළු වැනි දේද මෙහි පැවැත්වේ.
මේ නිසා ඕනෑම අයකුට මෙහිදී මූලික ශරීර පින්තාරු ක්‍රමවේද ඉගෙනගැනීමටත් හැකි වේ. යමකුට මෙම ශරීර පින්තාරු කරන්නන්ගේ ‘කැන්වසය’ බවට පත්වීමේ අවකාශ ද තිබේ.
553 Views
Comments