සොයා එන්නවුන්ට ශාපයක් වූ නොකාවේ නිධානය

එක්දහස් අටසිය පනස් ගණන්වලදි මධ්‍යම ඇමරිකාව සහ එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය අතර ක්‍රියාත්මක වුණ අඩි 280 වාෂ්ප නෞකාවක් තමයි “එස්.එස්. මධ්‍යම ඇමරිකා” කියන්නේ.
දිනක් මේ නැව පැනමාවෙ කොලෝන් වරායෙන් පිටත් වෙලා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය වෙත පැමිණීමට සූදානම්ව තිබුණා. එකල බිඳවැටෙන අවදානමේ තිබුණු ඇමරිකාවේ ආර්ථිකය ගොඩගන්න කියලා හිතාගෙන මේ නැවේ රත්රන් පවුම් 30,000 ක් පමණ, එනම් රත්රන් කිලෝ 13,600 ක් පමණ රැගෙනවිත් තිබෙනවා.
නමුත් ඒ එන අතරමගදී 1857 අවුරුද්දේ සැප්තැම්බර් මාසෙ ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයට ආසන්න මුහුදේදි මිනිස්සු 425 ක් සමඟම කුණාටුවක් නිසා මේ නැව මුහුදුබත් වෙලා තිබෙනවා.
එහි තිබුණ අති විශාල රත්රන් ප්‍රමාණය නිසාම “රත්තරන් නැව” කියලත් හඳුන්වන මේ නැව විශාල කාලයක් ගතවන තුරුම තිබී ඇත්තේ මුහුද පතුල තුළයි. හැබැයි මේ රත්තරන් දකුණු ඇමරිකාවේ ගෝත්‍රික මිනිස්සුන්ගෙන් හොරකම් කරපු රත්රන් කියලයි සඳහන් වෙන්නේ. ඒ නිසාම මේ නිධානයටත් ශාපයක් කරලා තිබෙනවා කියලා තමයි බොහෝ දෙනකු විශ්වාස කරන්නේ.
මේ නිධානය සොයාගෙන ගිය බෝට්ටුවක්ද මුහුදෙ ගිලී එහි ගමන් ගත් විසි දෙදෙනාම මිය යෑම වැනි අනතුරුදායක සිද්ධීන්ද මේ නැව හා අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ සඳහාද මේ නැවේ තිබෙනවා යැයි විශ්වාස කෙරෙන ශාපය බලපෑම්කාරි සාධකයක් වුණා කියලත් සිතන්න පුළුවන්.
නමුත් අවුරුදු සියයකටත් අධික කාලයකට පසුව 1988 දී “ටොමී තොම්සන්” නම් පුද්ගලයකු මේ නිධානය තිබෙන ස්ථානය සොයාගෙන සම්පූර්ණ රත්රන් තොගයම ගොඩගන්න සමත් වුණා. ඒත් මේ ශාපය ඔහුවත් අතහැරලා නම් නැහැ. මන්දයත්, ඇමරිකාවේ රජයට අයිති මේ නිධානය තමන්ට අයිති කියලා තමන් සන්තකයේ තියාගන්න උත්සාහ කළ නිසා මොහුට ජීවිතාන්තය දක්වා සිරගත වෙන්න සිදු වෙනවා.
445 Views
Comments