බලන්න අපහසු සම්මානනීය චිත්‍රපටයක්

ලෝක සිනමාව ඇතුළේ කොරියානු සිනමා සලකුණ සැරටම සනිටුහන් කරන්න සමත් වෙච්ච චිත්‍රපටය හැටියට ඕල්ඩ්බෝයි හඳුන්වන්න පුළුවන්. මේකෙ ජනප්‍රියත්වය නිසාම පස්සෙ කාලෙකදි ‘ඕල්ඩ් බෝයි’ නමින්ම හොලිවුඩයේත්, ‘සින්දා’ නමින් බොලිවුඩයේත් ප්‍රතිනිර්මාණය වුණා. හැබැයි ඒ චිත්‍රපට එකකටවත් ඔරිජිනල් ඕල්ඩ්බෝයි අහලකටවත් එන්න අමාරුයි.
ඕල්ඩ්බෝයි චිත්‍රපටයේ කතාවස්තුව මෙන්න මෙහෙමයි. එක් පුද්ගලයෙක්ව හිටිහැටියේ පැහැර ගැනීමකට ලක් වෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයාට සිද්ධ වෙනවා හුදෙකලා කුටියක් තුළ අවුරුදු 15 ක්ම සිරගතව සිටින්නට. ඉන්පස්සේ හිටිහැටියේම ඔහුව නිදහස් කරනු ලබනවා.
ඔහුගේ අරමුණ වෙන්නෙ තමන්ගේ ජීවිතෙන් අවුරුදු 15 ක් කිසිම හේතුවක් නැතුව හොරකම් කරගත්තු පුද්ගලයාව හඹායෑමයි. ඒ හඹායාම කෙළවර වෙන්නේ ඔබ නොසිතන විදිහේ සිදුවීම් දාමයකට කතා නායකයට මුහුණ දෙන්න සිද්ධ වෙලයි.
436 Views
Comments