සිනමාවට නැගුණු ගුත්තිල මූසිල කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

සිනමාවට නැගුණු ගුත්තිල මූසිල කතාව

සිනමාවට නැගුණු ගුත්තිල මූසිල කතාව

විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා වේදිකා නාට්‍ය නළුවෙක් ලෙස මෙන්ම ටෙලි නාට්‍ය රංගධරයකු ලෙස භූමිකා කිහිපයක් නිරූපණය කර තිබුණත් ‘ගුත්තිල’ චිත්‍රපටය සඳහා ඔහුගේ පිවිසුම ඔහුටත් වෙනස්ම අත්දැකීමකි. 

 

 

සූත්‍ර පිටකයේ බුද්ධක නිකායේ ජාතක දේශනාවෙහි එන ‘ගුත්තිල ජාතක කතාව’ පාදක කර ගනිමින්, වෑත්තෑවේ හිමියන් විසින් රචිත ‘ගුත්තිල කාව්‍ය කෘතිය’ ඇසුරින් ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ සනත් අබේසේකර ‘ගුත්තිල’ චිත්‍රපටයක් ලෙස සිනමාවට රැගෙනවිත් ඇත. මෙහි තිර රචනය මෙන්ම අධ්‍යක්ෂණය යන භූමිකා දෙකම සිදුකරන්නේ සනත් අබේසේකරයන් විසිනි.

 

 

 ගුත්තිල චරිතයට විශාරද එඩ්වඩ් ජයකොඩිත්, මූසිල චරිතයට අඛිල ධනුද්ධරත් දායකත්වය සපයයි. ඊට අමතරව යශෝධා විමලධර්ම, චුලක්ෂි රණතුංග, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සනත් ගුණතිලක, අයිරාංගනී සේරසිංහ, ශ්‍රීමාල් වෙඩිසිංහ, ගිරිරාජ් කෞශ්‍යල්‍ය, වීණා ජයකොඩි, අමිල කරුණානායක, මහින්ද පතිරගේ, සරත් චන්ද්‍රසිරි, හේමන්ත ඊරියගම, නදීකා ගුණසේකර, පූජනී භාග්‍යා, අනුර බණ්ඩාර රාජගුරු, දයාසිරි හෙට්ටිආරච්චි, සුරංග ගුණවර්ධන ඇතුළු තවත් ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක්ද මීට රංගනයෙන් දායක වේ.

 

 

මෙහි නිෂ්පාදන කටයුතු හරේන් නාගොඩවිතාන සහ දිලිනි සිල්වා විසින් සිදුකරන අතර සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණය සිදු කරයි. එසේම ආනන්ද එස්. කපුගේ සහාය අධ්‍යක්ෂණයෙන්ද, ධම්මික හේවාදුවත්ත පසුතල නිර්මාණයෙන් හා කලා අධ්‍යක්ෂණයෙන්ද, තරංග රුක්මල්වල අංග රචනයෙන්ද, දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන්ද, ප්‍රවීන් ජයරත්න ශබ්ද පරිපාලනයෙන්, වර්ණ සංයෝජනයෙන් සහ සංස්කරණයෙන්ද, විරංග විශ්ව රණසිංහ නිෂ්පාදන කළමනාකරණයෙන්ද, රෙමේෂා ඕෂිණී ඇදුම් නිර්මාණයෙන්ද, සුමුදු ආලෝක සටන් අධ්‍යක්ෂණයෙන්ද, රොෂාන් සංජේ හේරත් විධායක නිෂ්පාදනයෙන්ද දායක වේ.

views

193 Views

Comments

arrow-up