සේර ඇල්ල වූ සේද ඇල්ල

සේර ඇල්ල කියන්නෙ ලංකාවේ ලස්සනම දිය ඇලි අතරින් එකකි. මේ ඇල්ල විශේෂ වෙන්නේ එහි පිහිටීම නිසාය. දිය ඇල්ල පිටුපස ගුහාවක් ඇත. එහි සිට දිය ඇල්ල කඩා වැටෙන ආකාරය නැරඹීය හැක. එය දිය ඇල්ල ඇතුළේ සිටිනවා වැනි හැඟීමක් ලබා දේ.
දිය ඇල්ලේ උස මීටර් පහළොවක් පමණ වේ. මෙය ලංකාවේ පළල අතින් වැඩිම දියඇලි අතරින් එකකි. වර්ෂාව සහිත කාලවල පළල අඩි හැත්තෑවක් පමණ වේ.
සේර ඇල්ල මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මාතලේ සිට ලග්ගල දෙසට පිහිටි දුෂ්කර පාරක කිලෝමීටර් දහතුනක් පමණ ඉදිරියට යනවිට හමුවෙන පොත්තටවෙල නම් ප්‍රදේශයේ මෙය පිහිටා තිබේ.
රත්තොට හරහා රිවස්ටන්වලට පැමිණ පිටවලපතන පසුකොට තවත් කිලෝමීටර් විස්සක් පමණ ඉදිරියට යනවිට ද මෙය හමුවේ.
351 Views
Comments