මල් උමඟක් මැදින් ඇවිද යන්න.

දකුණු ජපානයේ කවාචි විස්ටේරියා උද්‍යානය ජපානයට එන සංචාරකයින්ගේ අනිවාර්ය ගමනාන්තයක් බවට පත්ව ඇත.
මෙම උද්‍යානය මල්වලින් පිරුණු ඉතා සුන්දර ස්ථානයකි. මෙය පිරී ඇත්තේ විස්ටේරියා නම් මල් විශේෂවලිනි.
කවාචි උද්‍යානය පෞද්ගලික උද්‍යානයක් වේ. ජපානයේ මධ්‍යම කිටකියුෂුට දකුණින් පිහිටි වනාන්තර කදුකරයේ ෆුකුඕකා ප්‍රාන්තයේ මෙය පිහිටා ඇත.
විවිධ විශේෂ 20 කින් යුත් විස්ටේරියා වර්ග 150 කින් සාදන ලද මල් මෙහි දැකගන්නට ලැබේ.
මෙම උද්‍යානය වසරකට දෙවතාවක් මහජනතාවට විවෘත වේ. එනම් අප්‍රේල් මස අග සිට මැයි අවසානය දක්වා විස්ටේරියා මල් පිපෙන සමය සහ නොවැම්බර් අවසාන සති දෙක වන මේපල් පත් හැලෙන කාලසීමාවන්ය.
අප්‍රේල් මාසයේ දහ අටවන දින පටන් මැයි මාසයේ තිස් එක් වැනිදා දක්වා අතර කාලයේ ෆූජි මැට්සුරි හෙවත් විස්ටේරියා උත්සව පවත්වයි.
241 Views
Comments