අරාබි කාන්තාවක් අභ්‍යවකාශයට...

රයානා බර්නාවි, අභ්‍යවකාශ ගතවන පළමු අරාබි ජාතික කාන්තාව ලෙස ඉතිහාසයට එක්විය. ඒ ඇය ස්පේස් එක්ස් වැඩසටහනට සම්බන්ධවීමත් සමඟයි.
ස්පේස් එක්ස් වැඩසටහන යටතේ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා ෆැල්කන් 9 රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීම ඇමෙරිකාවේ දී සිදුවිය.
කේප් කැනවරල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් රොකට්ටුව ගමන් ආරම්භ කළේ ය.
සවුදි අරාබි ජාතික කාන්තාවක් වන රයානා, වෘත්තීයෙන් පියයුරු පිළිකා සම්බන්ධ පර්යේෂිකාවකි. ඇයට අමතරව සවුදි අරාබි ජාතික ගුවන් නියමු අලී අල්කරානි, නාසා ගගනගාමී පෙගී විට්සන් හා ව්‍යාපාරිකයෙකු වන ජෝන් ෂොෆ්නර් මෙම අභ්‍යවකාශ චාරිකාවට එක්ව සිටී.
ඔවුන්ගේ ගමනාන්තය වන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි.
251 Views
Comments