දූෂණයෙන් කිළිටි නොවූ ගිතෝන් නගරය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

දූෂණයෙන් කිළිටි නොවූ ගිතෝන් නගරය

දූෂණයෙන් කිළිටි නොවූ ගිතෝන් නගරය

ලොවපුරා සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනා ගත්, දුටුවන් නෙත් සිත් පැහැර ගන්නා නෙදර්ලන්තයේ ගිතෝන්හි වටිනාකම් රැසක් තිබේ.



වායූ දූෂණය නොමැති, ශබ්ද දූෂණය නැති නිහඬ පරිසරයක් මෙන්ම මිනිසුන් අඩු ප්‍රදේශයක් ලෙසද ලොව පුරා විදේශිකයන් අතර ගිතෝන් නගරය ප්‍රසිද්ධියට පත්ව ඇත.



මෙහි ගමනාගමන පහසුකම් රැසක් ඇළ මාර්ග ඔස්සේ වැටී තිබේ. එමෙන්ම පාපැදි භාවිත කරමින් මිනිසුන් එහා මෙහා යෑම මෙහි අරුමයක් නොවේ.



ඇළ මාර්ග මෙන්ම විල්, පොකුණු මෙහි සුන්දරත්වය වැඩි කරයි. ගිතෝන් නැරඹීමට එන සංචාරකයින්ගේ වාහන වුවද නගරයෙන් පිට නවතා ඇත. බෝට්ටුවෙන් හෝ බයිසිකලයක් භාවිත කර මෙහි සංචාරය කිරීමට සිදුවේ.

views

269 Views

Comments

arrow-up