ඇඹිලිපිටියෙ ගියොත් මඟ නොහරින චන්ද්‍රිකා වැව

මෙය පිහිටා තිබෙන්නේ ඇඹිලිපිටිය – මාතර ප්‍රධාන මාර්ගයේ ඇඹිලිපිටිය සිට මාතර දෙසට කිලෝ මීටර 10 ක් පමණ දුරිනි.
1956 දී පිහිටුවූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක රජය මඟින් ආරම්භ කළ පළමුවන වාරිමාර්ග ව්‍යාපෘතිය ලෙස චන්ද්‍රිකා වැව ජලාශය හැඳින්වේ. හුලංදා ඔය වාරි යෝජනා ක්‍රමය යටතේ “චන්ද්‍රිකා වැව“ ඉදි කරන ලදී.
වලවේ ගංගාවේ දකුණු ඉවුරේ අතු ගංගාවක් වු හුලංදා ඔය හල්මිල්ලකැටිය ප්‍රදේශයේ දී හරස්කර වේල්ලක් බැඳීමෙන් මේ වැව තනා ඇත.. මේ වේල්ල පස්වලින් තැනූ වේල්ලකි.
චන්ද්‍රිකා වැවේ පූර්ණ ධාරිතාව අක්කර අඩි 22,000 ක් වේ. වේල්ලේ දිග කිලෝ මීටර් 2.5 ක් වේ. එහි උස මීටර් 19.20 කි.
දකුණේ සංචාරකයන් මෙන් ම කතරගම යන වන්දනාකරුවන් ද විශාල වශයෙන් චන්ද්‍රිකා වැව ඉස්මත්තට පැමිණ විවේක ගැනීමට පුරුදු ව ඇත. චන්ද්‍රිකා වැව ජලාශය ඉස්මත්තේ උස් භූමියක ඉදිකළ විහාරයත් එහි සුන්දරත්වය ඉහළ නැංවීමට දායක වේ.
324 Views
Comments