වන උයනක් මැදින් දුම්රිය සවාරියක්

උතුරු අමෙරිකාවට අයත් ස්වභාවික භූමියක් වන ග්‍රෑන්ඩ් කැනියොන් වනෝද්‍යානය හරහා දිවෙන විශේෂිත වූ දුම්රියක් ඇත. එරට දුම්රිය සේවයට අයත් මෙම විශේෂ දුම්රිය ඩබල් ඩෙකර් ඩෝම් නැරඹුම් මැදිරි ඇතුළු සුවිශේෂී පහසුකම් වලින් සපිරි මැදිරි රැසකින් සමන්විත යි.
ග්‍රෑන්ඩ් කැනියොන් දුම්රිය ගමන මතකයේ රැඳෙන අත්දැකීමක් බවට පත් කිරීමට විවිධ අංග කිහිපයක් සකසා ඇත. බටහිර පන්නයේ දුම්රිය මංකොල්ලකරුවකුගේ ඇඳුම් ආයිත්තමෙන් සැරසුණු පුද්ගලයෙක් දුම්රිය මැදිරි අතරට පැමිණ එහි ගමන් ගන්නා මඟී ජනයාට කිසියම් ත්‍රාසජනක අත්දැකීමක් ලබා දීම සහ ගිටාර් වාදකයකු සපයන මිහිරි සංගීත රාවය ද මේ අතරට අයත් වේ.
ඇරිසෝනාහි පිහිටි විලියම්ස් ඩිපෝවෙන් පිටත්වන මෙම දුම්රිය ග්‍රෑන්ඩ් කැනියොන් ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම වෙත නිතිපතා පැමිණේ. සැතපුම් 65 ක් පුරාවට දිවයන මෙම දුම්රිය ගමන කඳුකර සහ දර්ශනීය භූ ප්‍රදේශ වෙත සංචාරකයින් රැගෙන යයි
225 Views
Comments