ගොන්ගල කන්ද නගිමු.

සබරගමුව කඳුකර කලාපය බුළුතොට – රක්වාන කඳු ලෙස භු විද්‍යාඥයින් විසින් නම් කර ඇත. මෙහි උස ම කඳු මුදුන වන්නේ ගොන්ගල කඳු මුදුන යි. දෙණියාය නගරයට ආසන්න ව පිහිටි ඉතා සුන්දර පරිසරයක් සහිත ගොන්ගල කන්ද තරණය කිරීමට බොහෝ පිරිසක් වාර්ෂිකව පැමිණේ.
පැල්මඩුල්ල – මාදම්පේ – රක්වාන – සූරියකන්ද – බොරලුවගේඉන්න – Hayes Estate හරහා ගොන්ගල කඳු පාමුලට පැමිණිය හැක. මාතර හරහා දෙණියායට පැමිණීමෙන් ද ගොන්ගල පාමුලට ලඟාවිය හැක. Hayes තේ කර්මාන්ත ශාලාව දක්වා වාහනයකින් ගමන් කළ හැකි අතර එතැන් සිට ගමන් කළ යුත්තේ පාගමනිනි.
ගොන්ගල මුදුනට ගමන් කිරීමට මෙහිදී හමුවන නාවික හමුදා කඳවුර දැනුම්වත් කර ඔවුන්ගේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ.
මෙම කඳු මුදුනට ගොන්ගල යන ලැබී ඇත්තේ මෙම කඳු මුදුනේ ගොනකුගේ හිස ආකාර ගල් පර්වතයක් පිහිටීම සහ එකල මෙම ප්‍රදේශය ගෝනුන්ගේ රාජධානියක් වීම නිසා බව පැවසේ.
ගිං ගඟ ගොන්ගල කඳු මුදුනින් ආරම්භ වී ගිං තොටින් මුහුදට වැටේ. මේ කඳු පන්තියේ සිට උතුරට ගලන ජල ධාරා කළු ගඟ පෝෂණය කිරීමට දායක වේ.
අලියා සහ කොටියා ද ඇතුළු ක්ෂීරපායී විශේෂ ගණනාවක් ගොන්ගල වනාන්තරවල දිවි ගෙවයි. උගුඩුවා, ගෝනා, වල්ඌරා, දියබල්ලා, ඕලුමුවා, මීමින්නා, කලවැද්දා, කබැල්ලෑවා, මුගටියා ඒ ක්ෂීරපායින් අතරින් කිහිප දෙනෙකි.
445 Views
Comments