MAY
13
කොමොඩෝ රජදහන

ඉන්දුනීසියානු දූපත් සමූහය මැද කොමෝඩෝ දූපත පිහිටා තිබේ. මෙය හෙක්ටයාර 322 ක භූමි ප්‍රමාණයකින් යුක්තයි. සාමාන්‍යයෙන් වියළි දේශගුණයක් සහිත මෙම දූපත හරිත වර්ණ වෘක්ෂලතාවන්ගෙන් පිරී පවතී. එමෙන්ම විශාල සතුන් ප්‍රමාණයක් ද මෙම දූපතේ දක්නට ලැබේ.
සංචාරකයින් වඩා ප්‍රිය කරන්නේ මෙහි සිටින 'කොමොඩෝ කටුස්සා' නම් විශාල උරගයා දැකබලා ගැනීමටයි. කොමොඩෝ ඩ්‍රැගන් ලෙස ද හඳුන්වන්නේ මෙම සත්ත්වයා යි. මොවුන් ලොව විශාලතම කටුසු වර්ගය වේ.
මෙම සත්ත්ව විශේෂය මීටර් 2-3 අතර දිගකට වර්ධනය වේ. කලක් මොවුන් මකරුන් ලෙස හඳුන්වන්නට මෙම දූපත හරහා ගමන් කළ නාවිකයින් පුරුදු වී සිට තිබේ.
338 Views
Comments