තායිලන්තයේ වඳුරු පාටිය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

තායිලන්තයේ වඳුරු පාටිය

තායිලන්තයේ වඳුරු පාටිය

තායිලන්තයේ ඇති පැරැණිතම නගරයක් වන ලොජ්බුරිහි පදිංචිකරුවන් පවත්වන මෙම සාදය හේතුවෙන් දහස් සංඛ්‍යාත වදුරන්ගේ කුසගිනි නිවීම සිදුකරයි. මෙහිදී නගරයේ පුරාණ නටබුන් අතර වාසය කරන වදුරන් වෙනුවෙන් දැවැන්ත භෝජන සංග්‍රහයක් පවත්වයි.



එපමණක් නොව විවිධ පලතුරු යොදාගනිමින් ඒවායින් අලංකාර මූර්ති සකස්කර ඒවායින් තම නිවාස සරසා හැඩගැන්වීම සිදුකරයි.



ලොජ්බුරිහි වැසියන් කිසිම දිනෙක මේ වදුරන් කරදරකාරී සතුන් යැයි සිතා ප්‍රතික්ෂේප නොකරයි. වදුරන් ගෞරවයක් ලෙස සලකා කටයුතු කරන ඔවුන් කිසිදු විටෙක උගුල් ඇටවීම, වෙඩි තැබීම, මදු ගසා අල්ලා ගැනීම, විවිධ කෘමිනාශක හෝ රසායනික ද්‍රව්‍ය ඔවුන්ගේ ආහාරවලට මුසු කිරීම සිදුනොකරනු දැකිය හැකිය.



රසමසවුළුවලින් පිරි ආහාර ලබාදී වදුරන්ගේ කුසගිනි නිවීම සතුටට කරුණක් ලෙස ඔවුහු විශ්වාස කරති.

views

309 Views

Comments

arrow-up