බනිස් පුච්චන උත්සවය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

බනිස් පුච්චන උත්සවය

බනිස් පුච්චන උත්සවය

සියවසකට පමණ පෙරාතුව හොංකොං හි චියුන් චායූ ප්‍රදේශයේ ප්‍රබල වසංගතයක් ව්‍යාප්ත වී තිබේ. එයින් ජනතාව මුදාගනු පිණිස සහ ඔවුන්ට ආරක්ෂාවත් ආශීර්වාදයත් ලබාගැනීම සඳහා මෙම ප්‍රදේශයේ පිහිටා ඇති පාක් තායි විහාරයට බාරහාර වීම සිදුකොට ඇත.



ඉන් අනතුරුව ප්‍රදේශයේ පැතිරී ගිය වසංගතය දුරුවූ බවත් එයින් අනතුරුව ඊට පුද සත්කාර කිරීමක් ලෙස ප්‍රදේශවාසීහු නව චාරිත්‍රයක් ආරම්භ කොට ඇත.



එහිදී දේව ප්‍රතිමා ප්‍රදර්ශනය කිරීම සංකේතවත් කරමින් කුඩා දරුවන් කණු මත සිටුවා ඔසවාගෙන යෑම වර්ණවත් පෙළපාළි මධ්‍යයේ සිදුකරනු දැකිය හැකිය. මෙම සැණකෙළියේ දැකිය හැකි විශේෂිතම චාරිත්‍රය වන්නේ බනිස් දහස් ගණනක් පිලිස්සීමයි.



මෙම බනිස් මතුපිට සාමය යන්නෙන් අරුත් ගැන්වෙන චීන අක්ෂරයක් මුද්‍රා තබා තිබේ. දහස් ගණනින් බනිස් සෑම වෙළෙඳපොළකම දැකිය හැකි අතර ඔබට ඉන් තල, නෙළුම්, රතු බෝංචි, පේස්ට් වැනි පිරවුම්වලින් යුක්ත බනිස් තෝරාගැනීමට හැකියාව ලැබේ.


දින තුනක් පුරා පැවැත්වෙන බනිස් සැණකෙළියේ අවසානයට බනිස් යොදාගනිමින් සිදුකළ බනිස් කුලුන තරණය කිරීමට සිදුවේ. බනිස් අලවන ලද කුලුනේ උස මීටර් විස්සක් පමණ වන අතර එහි ඉහළට නැඟගැනීමට ජනතාව තුළ ඇත්තේ ඉහළ තරගයකි.



මෙහි තරග නීතිය වන්නේ කුලුනේ අලවා ඇති බනිස් වැඩිම ප්‍රමාණයක් ගලවා තමන් සතු කරගනිමින් කුලුන ඉහළටම ගමන් කිරීමයි. හොංකොං පාක් තායි විහාරස්ථාන භූමියේ මධ්‍යම රාත්‍රියේදී පැවැත්වෙන මෙම සැණකෙළිය නරඹන්නන්ට විනෝදාස්වාදය සපයනු ලැබේ.

views

216 Views

Comments

arrow-up