මිනිස් දිවක හැඩය ගත් සුන්දර පාෂාණ කඳුවැටිය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

මිනිස් දිවක හැඩය ගත් සුන්දර පාෂාණ කඳුවැටිය

මිනිස් දිවක හැඩය ගත් සුන්දර පාෂාණ කඳුවැටිය

නෝර්වේ රාජ්‍යයේ සුන්දර කඳුකර ප්‍රදේශ රැසක් පිහිටා ඇත. හර්ඩන්ගර්විඩ්ඩා ජාතික උද්‍යානයේ බටහිර මායිමේ ද එවැනි ප්‍රදේශයකි.



එහි පිහිටා තිබෙන ට්‍රොල්ටංගා නම් පාෂාණ කඳුවැටිය දැවැන්ත මිනිස් දිවක හැඩයක් ගනී. මුහුදු මට්ටමේ සිට මීටර් 1,180 ක උසකින් පිහිටා තිබෙන මෙම ස්ථානය සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය යි. ඒ එහි තිබෙන ස්වභාවික පාෂාණමය වේදිකාවේ සිට අවට සුන්දර දසුන් නැරඹිය හැකි නිසා ය.



ට්‍රොල්ටංගා කඳුකර ප්‍රදේශයේ Ringedalsvatnet නමින් සුන්දර විලක් පිහිටා ඇත. එම විල කුඩා පාෂාණ කඳුවලින් වටවී තිබෙන නිසා එහි සුන්දරත්වය තවත් වැඩි වේ.



Ringedalsvatnet විල අවට ප්‍රදේශයේ කුඩා දිය ඇලි කිහිපයක් ද දක්නට ලැබේ. එනිසා සෑම දිනක ම වාගේ විශාල සංචාරක පිරිසක් මෙහි පැමිණේ. මෙය කඳු නගින්නන් අතර ද ජනප්‍රිය ස්ථානයකි.

views

227 Views

Comments

arrow-up