මොහොතකින් මීදුමෙන් වැසෙන ඉදල්ගස්හින්න

නිදහසේ කාලය ගත කිරීමට යා හැකි සුන්දර සංචාරක ගමනාන්තයක් ලෙස ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය හඳුන්වාදිය හැකියි.
ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 1,615 ක් මට්ටමේ පිහිටයි. එය හපුතලේ සිට බටහිරට කි.මී. 8 දුරින් පිහිටා ඇත.
1893 දී නානුඔය දුම්රිය ස්ථානයේ සිට හපුතලේ දක්වා ධාවන පථය දීර්ඝ කිරීමේදී මෙම දුම්රිය ස්ථානය ඉදිකර ඇත. මෙය කොළඹ-බදුල්ල දුම්රිය මාර්ගයේ 68 වැනි දුම්රිය ස්ථානයයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටි 5 වැනි දුම්රිය ස්ථානයද මෙයයි.
ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය කඳු දෙකක් අතර පිහිටි සුළං කපොල්ලක සාදා ඇත. එක් මොහොතක රමණීය පරිසරයක් සේ දිස් වුවද, තවත් මොහොතක මීදුමෙන් මුළු ප්‍රදේශයම වෙළා ගනියි.
නිරන්තරයෙන් වෙනස් වන දේශගුණය නිසා දෙස්-විදෙස් සංචාරකයන් ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය අවට අසිරිය අත්විඳීමට ඉමහත් කැමැත්තක් දක්වයි.
සංචාරකයින් වඩාත් ආකර්ෂණය වන්නේ ඉදල්ගස්හින්න කඳු ගැටයටයි. දුම්රිය ස්ථානයේ සිට විනාඩි 45 ක පමණ කාලයකින් මෙම කඳු මුදුනට ළඟාවීමට හැක.
218 Views
Comments