තක්කාලි සටන

ස්පාඤ්ඤයේ දක්නට ලැබෙන විස්මිත සැණකෙළියක් ලෙස ලා ටොමැටිනා සැණකෙළිය හැඳින්විය හැකිය.
මධ්‍යධරණී මුහුදේ සිට කිලෝමීටර් තිහක් පමණ නැඟෙනහිරට වන්නට පිහිටි වැලෙන්සියානු නගරයේ බුනෝල්හි මෙම උත්සවය පවත්වනු ලබයි.
දීර්ඝ ඉතිහාසයක් සහිත මෙම සැණකෙළිය ක්‍රි.ව. 1945 වසරේ සිටම පැවතගෙන එන්නකි. අගෝස්තු මාසයේ අවසාන බදාදා දින මෙම උත්සවය පවත්වනු ලබයි.
1945 අගෝස්තු මාසයේ අවසන් බදාදා දින පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාළියට සහභාගි වීමට බොහෝ ජනකායක් නගරයට රැස්වී සිට ඇත. ඒ සඳහා තරුණයන්, සංගීතඥයන් ඇතුළු සියලුදෙනා විශාල වෙස්මුහුණු සහ හිස් ආවරණ සකසාගෙන පෙළපාළියට සහභාගි වීමට තීරණය කර තිබේ.
උත්සවයේ ප්‍රතිඵලයක් ලෙස එක් සහභාගිවන්නකුගේ හිස පැලඳි ආවරණය කඩා වැටී ඇත. එයින් කෝපයට පත් සෙසු පිරිස මාර්ගයේ ඇති වෙළෙඳසල්වලට පහර දෙන්නට පටන්ගෙන ඇත. ඒ අසල එළවළු, පලතුරු වෙළෙඳසලක් තිබී ඇති බැවින් මොවුන් එකිනෙකාට තක්කාලිවලින් පහර ගැසීමට පටන්ගෙන ඇත.
එම සිදුවීමෙන් පසුව පැවැත්වුණ උත්සවයේදීද තරුණයන් නිවසින් තක්කාලි රැගෙනවිත් කලින් සැලසුම් කළ ආරවුලක් ඇතිකර නැවත පෙර ලෙසම තක්කාලිවලින් පහරදීමට පටන්ගෙන ඇත. සෙසු වසරවලදී මෙම තරුණයන්ගේ ක්‍රියාව දහස් ගණනක් ජනතාව ආදර්ශයට ගෙන තිබිණි.
උත්සවයේ ආගමික වැදගත්කමක් නොමැතිකම හේතුවෙන් 1950 වසරේ මුල් භාගයේදී ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ විසින් La Tomatina සැණකෙළිය තහනම් කරන ලදී.
කෙසේ වෙතත් මේ නිසා අත්අඩංගුවට ගත් පිරිස එම ක්‍රියාව නතර කළේ නැත. ජනතාව මෙම තහනමට විරෝධය පළ කළ අතර උත්සවයට නැවත අවසර දෙන ලදී.
238 Views
Comments