දිය යට ඇති අරුම පුදුම වනාන්තරය

මෙම ජලය යට තිබෙන වනාන්තරය කයින්ඩි නමින් හඳුන්වන විල් පතුලේ පිහිටා තිබේ. ඉතාමත් සුන්දර පරිසරයකට හිමිකම් කියන මෙම ප්‍රදේශයට වසර පුරාවට සංචාරකයන් අති විශාල ප්‍රමාණයක් ඇදී එයි.
නිල්වන් ජලයෙන් පිරුණු කයින්ඩි විලෙහි තැනින් තැන ටූත්පික් ලෙසින් ජලයෙන් ඉහළට පැමිණි ගස් රාශියක් දක්නට ලැබේ. නමුත් මේ ගස්වල ශාක පත්‍ර නම් දක්නට නොලැබේ. අඛණ්ඩව ජලයෙන් ඉහළට එමින් වර්ධනය වන මෙම වනාන්තරය අනෙක් වනාන්තර මෙන් හරිත වර්ණයෙන් හැඩ වූ එකක් නොවේ.
කසකස්තානයේ ඉතිහාස කතා සහ ජනප්‍රවාදවලට අනුව කයින්ඩි විලේ මෙම පිහිටීම ඇති වී තිබෙන්නේ 1911 වර්ෂයේදීය. එම වර්ෂයේ කසකස්තානයට බලපෑ රිච්ටර් මාපක 7.7 ක ප්‍රබල භූ කම්පනයක් නිසා විල ආශ්‍රිත ප්‍රදේශයේ නාය යෑමට ලක් වී ඇත.
නාය යෑමෙන් අනතුරුව ස්වාභාවික විලක් ආකාරයට ජලය එකතු වී කයින්ඩි විල නිර්මාණය වී තිබේ. නමුත් මෙය දවසකින් දෙකකින් ඉබේ පහළ වූවක් නොවේ. වසර ගණනාවක් පුරාවට වර්ෂාව ඇද වැටී දිගු කාලයක් පුරාවට ජලය එක් රැස් වීමෙන් මෙය විලක් ආකාරයට නිර්මාණය වූ බව කියැවේ.
මෙම භූ කම්පනය සිදුවීමට පෙර කයින්ඩි විල ආශ්‍රිතව තිබූ ශාක සහ ශාකවල කොටස් ජලයෙන් ඉහළට මතු වී වනාන්තරයක් ආකාරයට නිර්මාණය වී ඇත. දකින්නකුට මෙය විලෙහි ගිල්වන ලද වනාන්තරයක් ලෙස පෙනේ.
243 Views
Comments