මිරිස්ස වෙරළට ජාත්‍යන්තර ඇගයීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

මිරිස්ස වෙරළට ජාත්‍යන්තර ඇගයීමක්

මිරිස්ස වෙරළට ජාත්‍යන්තර ඇගයීමක්

Tripadvisor වෙබ් අඩවිය පසුගිය මාස 12 ක කාලයක් තුළ සිය පාඨකයින් සමඟ එක්ව ආසියාවේ හොඳම වෙරළ තීර තෝරාගෙන තිබේ. ඉන්දියාව, ජපානය, තායිලන්තය, වියට්නාමය, දකුණු කොරියාව මෙන්ම ශ්‍රී ලංකාවේ වෙරළ කලාපද එහිදී පරීක්ෂාවට ලක්කර ඇත. 

 

 

ඉන් පළමු වැන්න ලෙස ඉන්දියාවේ හැව්ලොක් දූපත රාධනගර් වෙරළ ආසියාවේ අංක එකේ වෙරළ තීරය ලෙස තේරී ඇත. දෙවැනි තැන ඉන්දුනීසියාවේ නුසා පෙනිඩා හී කෙලින්කිං වෙරළත් තුන්වැන්න ලෙස ඉන්දියාවේ ම බෙනෝලිම් හී වෙරළත් නම් කර තිබේ.

 

 

 ශ්‍රී ලංකාවේ මිරිස්ස වෙරළ ආසියාවේ හොඳම වෙරළ අතර සිව්වන තැන හිමි කරගෙන ඇත. 

views

323 Views

Comments

arrow-up