ද්‍රවිඩ පක්ෂවලින් ජනපතිට බලය බෙදීම ගැන යෝජනා තුනක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
26

ද්‍රවිඩ පක්ෂවලින් ජනපතිට බලය බෙදීම ගැන යෝජනා තුනක්

ද්‍රවිඩ පක්ෂවලින් ජනපතිට බලය බෙදීම ගැන යෝජනා තුනක්

ඊයේ (25) දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතාගේ කොළඹ පිහිටි නිවසේ දී ද්‍රවිඩ පක්ෂවල නායකයන් රැස්වී සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.වී.විග්නේෂ්වරන්, එස්.ශ්‍රීධරන්, සෙල්වම් අඩෙක්කලනාදන් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිට තිබුණි.

 

මෙම සාකච්ඡාවේ දී ඔවුන් එකඟතාව පළ කළ යෝජනා තුන වන්නේ බලය බෙදීමේ දී ව්‍යවස්ථාව හා නීතිය ක්‍රියාත්මක කරමින් පළාත් සභා ඡන්ද පැවැත්වීම, නව ව්‍යවස්ථාවක් සකස් කර ඊට බලය බෙදීම ඇතුලත් කිරීම සහ දෙමළ ජනතාවගේ සියළු ඉඩම් යළි ඔවුන්ට ලබා දීමයි.

 

මෙම යෝජනා තුන ඉදිරියේ දී ජනාධිපතිවරයාට භාර දීමට එම සාකච්ඡාවේ දී තීරණය කර තිබේ.

 

 

views

207 Views

Comments

arrow-up