පනත් කෙටුම්පත් කිහිපයකට කතානායක අනුමැතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

පනත් කෙටුම්පත් කිහිපයකට කතානායක අනුමැතිය

පනත් කෙටුම්පත් කිහිපයකට කතානායක අනුමැතිය

පනත් කෙටුම්පත් කිහිපයක් සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධනය විසින් ඊයේ (18) දිනයේ අත්සන් තබා තිබේ.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථාවේ ඇති කෙටුම්පත් අටකට කතානායකවරයා විසින් සිය සහතිකය සටහන් කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

කතානායකවරයා මෙලෙස අත්සන් තබා තිබුණේ සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටි, අධිකරණ සංවිධාන, පළාත්බද මහාධිකරණ, සිවිල් නඩු විධාන සංග්‍රහය, උඩරට විවාහ හා දික්කසාද, අපරාධ නඩු  විධාන සංග්‍රහය,  ළමයින් සහ තරුණ තැනැත්තන් සහ අන්තරායකර සත්ව යන පනත් කෙටුම්පත්වල සංශෝධන කිහිපයකටය.

 

 

views

313 Views

Comments

arrow-up