2023 අයවැය හෙට පාර්ලිමේන්තුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

2023 අයවැය හෙට පාර්ලිමේන්තුවට

2023 අයවැය හෙට පාර්ලිමේන්තුවට

2023 වර්ෂයට අදාළ අයවැය ලේඛනය හෙට (14) පස්වරු 1.30ට මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අයවැය කථාව ඉදිරිපත් කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය රාජ්‍යතාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කරන බවයි.

 

අයවැය කතාවෙන් පසුව ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය ලබන 15 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

 

අනතුරුව අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වනදා සිට දෙසැම්බර් 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

 

එහි ඡන්ද විමසීම සිදු කරන්නේ දෙසැම්බර් මස 8 වන දිනය.

 

views

239 Views

Comments

arrow-up