හිරුණිකා සජිත්ට බෑ කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
06

හිරුණිකා සජිත්ට බෑ කියයි

හිරුණිකා සජිත්ට බෑ කියයි

 

මරදාන විරෝධතාවයේදී  දයාසිරි ජයසේකර, චම්පික රණවක මන්ත්‍රිවරු වේදිකාවෙන් බැස ජනතාවගේ හූ හඬ මධ්‍යයේ පිටත්ව ගියහ.

 

සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයා මරදාන කාර්මික විද්‍යාලය අසලින්ම යළි නිවස බලා පිටත්ව ගියේය.

 

ජනතාව සමග ඉදිරියට යාමට උත්සාහ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාර්ග බාධක බිඳ දැමීමට උත්සාහ දරන අයුරු විපක්ෂනායකවරයා දුටුවේය. ‘‘හිරුණිකා කැන් යූ කම්’‘ කියා විපක්ෂනායකවරයා ඇය තමන් ළඟට කැඳවීමට උත්සාහ කළත් ඇය ආවේ නැත.

 

‘‘මම ආවේ ජනතාව සමග ඉදිරියට යන්න. රැස්වීම් පවත්වලා කතා පවත්වලා වැඩක් නැහැ’’ ඇයගේ පිළිතුර වූවාය.

 

විපක්ෂයේ ​විරෝධය පැවැත්වෙන විට ජනාධිපතිවරයා සිටියේ පැජට් පාරේ නිල නිවසේය. ඒ නිදහස් සමරු උත්සවය පිළිබඳ රැස්වීමකය. අගමැතිවරයා හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීහුද එහි සිටියහ. මෙහිදී ආරක්ෂක ප්‍රධානීන් විරෝධතාවේ සජීවී තොරතුරු ජනාධිපතිවරයාට කීවේය. එහෙත් ඔහු කිසිවක් ප්‍රකාශ කළේ නැත. ‘‘පොලිස් ආඥා පනත අනුව වැඩ කරන්න කියලා විතරයි මම කියලා තියෙන්නේ’’ ජනාධිපතිවරයාගේ පිළිතුර විය.

views

207 Views

Comments

arrow-up