අපි ආණ්ඩුවක් පිහිටුවනවා - ටිල්වින්

රට පුරාම ජාතික ජන බලවේගයේ ආසන සමුළු පවත්වාගෙන යන විට විශාල ජනතාවක් තමන් වටා ඒකරාශී වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඔහු පවසන්නේ මේ වන විට මහින්ද සමඟ නැඟිටිමු කියමින් රට විනාශ කළ රාජපක්‍ෂලා පුංචි පුංචි රැස්වීම් තියාගෙන යන බවයි.
“මහින්ද නැඟිට්ටවලා මේ රටට වෙච්ච දේවල් හොඳටෝම ඇති. දැන් අපට ඕනෑ මහින්දලා විනාශ කරපු රට ගොඩනැඟීම වෙනුවෙන් ජනතාව නැඟිට්ටවා, ජනතාවට නායකත්වය දෙන ජනතා විශ්වාසය දිනාගත් ජාතික ජන බලවේගය රටේ බලයට පත්කර ගැනීමයි. මීළඟ ආණ්ඩුව පිහිටුවන්නේ වෙන කවුරුත් නොවෙයි, ජාතික ජන බලවේගයයි. ඒක අපිට විශ්වාසයි.
මැයි 09වැනිදා මහින්ද රාජපක්‍ෂ අගමැතිකම දාලා පලාගියා. ජුනි 09වැනිදා බැසිල් රාජපක්‍ෂට මුදල් ඇමැතිකම දාලා යන්න වුණා. ජූලි 09වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරය දාලා පලා යන තත්ත්වයට දැවැන්ත මහජන නැඟිටීමක් ඇති වුණා. මේ නිසා පරණ ජනවරම දැන් වලංගු නැහැ. ගෝඨාභයට ලැබුණු ජනවරමෙන් රනිල් වික්‍රමසිංහට ජනාධිපති වෙන්න බලයක් නැහැ. නමුත්, ජනතාවට තමන් කැමැති පාලකයෙක්, තමන් කැමැති පාලනයක් පිහිටුවා ගන්න අවස්ථාව දුන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ, ජනතාව මන්ත්‍රීකමක්වත් නොදුන් පුද්ගලයෙක්. ඔහුගේ දේශපාලනය අවුරුදු හතළිස්පහකට පස්සේ මන්ත්‍රීකමක්වත් නොදී නෙරපාහැරියා. ජාතික ලැයිස්තුවෙන් පත් වුණු රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්‍ෂලාගේ කුමන්ත්‍රණයෙන් ජනාධිපති වී රට පාලනය කරනවා. ඒ අතර එයාගේ මාමා කළ ආකාරයට මැතිවරණ කල් දාන්න විවිධ කුමන්ත්‍රණ කරනවා. බෑනා හිටියාට මේක මාමාගේ කාලය නොවෙයි කියලා අපි එයාට මතක් කරනවා. ජනතාව පරණ පක්‍ෂ, පාට අත්හැරලා, එක පෙරමුණකට එක්වෙමින් ඉන්නවා. ඒ ජාතික ජන බලවේගය වටායි.
231 Views
Comments