අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම නොවැම්බර් මස 14 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා තිබේ.
එසේ ම අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කර තිබේ.
284 Views
Comments