තෙල් සංස්ථාව බංකොලොත් වෙනවා කියලා මම තමයි මුලින්ම කිව්වේ..! – ගම්මන්පිල
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

තෙල් සංස්ථාව බංකොලොත් වෙනවා කියලා මම තමයි මුලින්ම කිව්වේ..! – ගම්මන්පිල

තෙල් සංස්ථාව බංකොලොත් වෙනවා කියලා මම තමයි මුලින්ම කිව්වේ..! – ගම්මන්පිල

 

තෙල් සංස්ථාව බංකොලොත් වන බව මීට වසර දෙකකට පෙර මුලින්ම ප්‍රකාශ කළේ ඛනිජ තෙල් විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

 

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.

 

“අද ආණ්ඩුවට රටට ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් නෑ. ඩොලර් තිබුණත් ඒ ඩොලර් මිලදී ගන්න සංස්ථාවට රුපියල් නෑ. ඒ නිසා තමයි ඉන්ධන ආනයනය කිරීම සඳහා නව සමාගම් කිහිපයකට බලපත්‍ර ලබාදීම සඳහා මේ පනත ගෙනල්ලා තියෙන්නෙ. ඇත්තටම සංස්ථාවට මොකද වුණේ ? මාස 18 ක් වැනි කාලයක් මේ විෂයභාර අමාත්‍යවරයා හැටියට කටයුතු කරපු නිසා මේ සංස්ථාව මේ තත්වෙට පත්වුණේ ඇයි කියන කාරණාව සම්බන්ධව මටත් යම් කියවීමක් තියෙනවා.

views

197 Views

Comments

arrow-up