රනිල් මහත්තයා අම්බලන්ගොඩ රූකඩයක් වගේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

රනිල් මහත්තයා අම්බලන්ගොඩ රූකඩයක් වගේ

රනිල් මහත්තයා අම්බලන්ගොඩ රූකඩයක් වගේ

 

අද මේ රටේ ආර්ථිකය විනාස කරපු කණ්ඩායමත් එක්ක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන පළාත්පාලන මැතිවරණය කල් දාන්න හදන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.ඔහු කියන්නේ දැනටමත් පළාත් පාලන මැතිවරණය අවුරුද්දකින් කල් දමා තිබුණත් මැතිවරණ කොමිසමට සැප්තැම්බර් 20 සිට මැතිවරණ පැවැත්වීමේ බලය ලැබී ඇති බවයි. 

 

“ඡන්දය තියන්න මැතිවරණ කොමිසමට බලය තියෙද්දී ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා මන්ත්‍රීවරු 4000ක් දක්වා අඩු කරල මැතිවරණය පවත්වනවා කියලා. ඒ කියන්නේ මැතිවරණය කල් දැමීමේ තිත්ත බෙහෙත් ගුලිය මන්ත්‍රීවරු අඩු කරනවා කියලා පැණි රස තවරලා ගිල්ලන්න යනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න යන්නේ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන ඡන්ද දීමේ අයිතිය විනාශ කරන්න හදනවා. 

 

අපි දන්නවා එතුමා ජනාධිපති පදවිය භාර ගන්න ඡන්ද 134ක් ගන්නකොට පොදුජන පෙරමුණේ ඒ මන්ත්‍රීවරුන්ට දුන්න පොරොන්දුව තමයි මැතිවරණය පවත් වන්නේ නැහැ කියලා. අපි දන්නවා අද රටේ ජනතාව තියෙන ආණ්ඩුව සහ මන්ත්‍රී වරුන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ 2020 තිබුණ ජනමතය ආණ්ඩුවට නැහැ එහෙනම් රටේ ජනතාවගේ මතය ‍රජාතන්ත්‍රවාදී අයිතිය නැවත විමසා බැලිය යුතුයි. ඒකයි කල් දාන්න යන්නේ. අපි දන්නවා මේ රටේ ඉතිහාසයේ මීට පෙර මැතිවරණ කල් දාලා ජනතාව ඒකට පාඩම් උගන්නලා තියෙනවා. 1975 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අවුරුදු දෙකකින් මැතිවරණ නොපවත්වා කාලය දිගු කර ගත්තා අපිත් එදා දිනන තිබුණ මැතිවරණයක් 1982 ජනමත විචාරණයක් පැවැත්වූවා. මේවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන් වලට විරුද්ධයි.

 

නියමිත දිනට මැතිවරණ පවත්වන්න අපිට පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. පාර්ලිමේන්තුව ඇතුළෙත් පිටතත් අධිකරණයේත් ජාත්‍යන්තරයටත් ගිහින් මැතිවරණ අයිතිය ආරක්ෂා කරගන්න අවශ්‍ය පියවර ගන්න තීරණය කරලා තියෙනවා. 

 

ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපි කියනවා කරුණාකරලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරල දෙන්න කටයුතු කරන්න. 

 

රනිල් වික්‍රමසිංහ මහත්තයා අද අම්බලන්ගොඩ රූකඩයක් වගේ. මහින්ද රාජපක්ෂයි පොදු පෙරමුණේ කට්ටියයි බැසිල් රාජපක්ෂයි මෙයාව නටවනවා. ඔවුන්ට දුන් එක පොරොන්දුවක් තමයි ජනාධිපතිධුරය ගන්න ඡන්දය දෙන වෙලාවේ මැතිවරණ පවත්වන්නේ නැහැ, ආණ්ඩුව විසුරුවන්නේ නෑ. ඊලඟ පොරොන්දුව තමයි ගෙවල් වලට හැංගිලා මළගෙදරකට වත් ගමකට වත් යන්න බැරි මිනිස්සුන්ට වාතාවරණය හදලා දෙන එක. ඒකයි අරගල භූමියේ අයට ගැහුවේ ඒ නිසා. මහින්ද රාජපක්ෂ මහත්තයා කියපු කතාවේ සත්‍යයක් තියෙනවා; ඒකෙ දෙකක් නැහැ” රන්ජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා පවසනවා.

views

212 Views

Comments

arrow-up