ගෝඨාභය, මහින්ද, බැසිල් ඇතුලු පිරිසට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

ගෝඨාභය, මහින්ද, බැසිල් ඇතුලු පිරිසට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර

ගෝඨාභය, මහින්ද, බැසිල් ඇතුලු පිරිසට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

 

වර්තමාන ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පිරිස එරෙහිව මෙම පෙත්සම් දෙක ගොනු කර තිබේ.

 

එම පෙත්සම් දෙක අද (07) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දී තිබේ. 

 

අදාළ පෙත්සම් ජනවාරි මස 09 වන දින යලි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

 

views

270 Views

Comments

arrow-up